08 August, 2017

ජනාධිපතිත් නොදැන සිටි උතුරු කොරියාව හෙළා දුටු නිවේදනයේ හිමිකරු හමුවෙයි - රජයෙන් ඔහුට දඬුවමකුත් දීලා .!

Kim Jong-Un - Maithripala Sirisena

උතුරු කොරියාවට එරෙහිව නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කර රජය අපහසුතාවයට පත් කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් බව පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

මෙම නිවේදනය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටි අතර පසුව ඒ පිළිබදව සොයා බැලීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ හෝ විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායකද එම නිවේදනය පිළිබද නොදැනුවත් බව වාර්තා වූවා.

මෙයට පෙර එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්ට හිටපු L.T.T.E ක්‍රියාකාරීන් හමුවීම සඳහා සිරගෙවල්වලට යැමට අවසර දී ඇත්තේද මෙම විදේශ කටයුතු නිළධාරීන්ම බව සදහන්.

මේ නිසා විදේශ කටයුතු ලේකම් ඇසළ වීරකෝන් සංචාරක අමාත්‍යාංශයට යවා ප්‍රසාද් කාරියවසම් නව විදේශ ලේකම් ලෙස පත්කර ඇත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනාධිපතිත් නොදැන සිටි උතුරු කොරියාව හෙළා දුටු නිවේදනයේ හිමිකරු හමුවෙයි - රජයෙන් ඔහුට දඬුවමකුත් දීලා .!"

    Post a Comment