21 July, 2017

විමල් ගියා කියලා ව්‍යවස්ථාව හදනඑක නතරවෙයිද? නෑනේ... නෑනේ....



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීමට ජාතික නිදහස් පෙරමුණ පසුගිය දා තීරණයකළා

මේ හේතුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වූ කාර්ය පටිපාටියට බලපෑමක් ඇති නොකරන බව නීතිවේදීන් පෙන්වා පවසනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ -

Dr. H. A. Menaka Harankaha

"මුළු පාර්ලිමේන්තුවම ආණුඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ක්‍රියා කළ, 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙදිත් මේ විදියට ඇතැම් පක්ෂ ඉන් ඉවත් වුණා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ පක්ෂ ඉන් ඉවත් වුණා. හැබැයි ඒකෙන් කිසිදු බලපෑමක් වුණේ නැහැ. සමගි පෙරමුණේ මන්ත්‍රීවරු ඒ කටයුත්ත කළා."

නීතිඥ ප‍්‍රතිභා මහනාමහේවා -

alt="Prathibha Mahanamahewa" height="" src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2017/07/prathibha-mahanamahewa.jpg?ssl=1&w=450" width="150">

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කෙසේ පැවතිය යුතුදැයි තීරණය කිරීමට පෙර සිදු කිරීමට අපේක්ෂා කරන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමද, නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලූතින්ම සම්මත කර ගැනීමක්දැයි පැහැදිලි කරගත යුතුයි.

විමල් වීරවංශ නායක ජාතික නිදහස් පෙරමුණ -

wimal-weerawansa-07

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වූ බවත්, ඒ නිසා උද්ගතවන අලූත් තත්වය පිළිබඳවත්, කථානායකවරයා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "විමල් ගියා කියලා ව්‍යවස්ථාව හදනඑක නතරවෙයිද? නෑනේ... නෑනේ...."

    Post a Comment