23 August, 2017

"ටොමියා බුරල ඉවරද? මොන හිඟන්නෙක් ද මේ" - අනුරගෙන් රාජිතට කනේපාරක් (Video)

anura-demand-rajitha

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරාත්න මහතාට දැඩි වාග් ප්‍රහාරයක් එක්ක කලා.

ඒ දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකරමින් සිටි කතාවකට සේනාරත්න මහතා දිගින් දිගටම අශීලාචාර ලෙස බධාකිරීම හේතුවෙන්.

දිසානායක මහතා එම අවස්ථාවේ යෝජනා කරමින් සිටියේ නියඟයෙන් පීඩා විඳිමින් සිටින ගැමි ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගාසිටුවීමට රජය විසින් මැදහත්විය යුතු ආකාරය පිළිබඳවයි.

එහිදී රජයේ රෝහල් වෙතින් සෑම අවස්ථාවකවම පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට ලබා දෙන ඖෂධ සහ පරීක්ෂණයක් පිළිබඳව ප්‍රාෙයා්ගික තත්වය පහදමින් සිටියදී රාජිත සේනාරත්න මහතා විසින් එය දැඩි ලෙස විවේචනය කලේ එවැන්නක් රජයේ රෝහල්වලින් සිදු නොවන බව පවසමින්.

අනතුරුව සංවාදය උණුසුම් කරමින් අනුර කුමාර දිසානායක මහතා දැඩි වාග්ප්‍රහාරයක් අමාත්‍යවරයා වෙත එල්ල කළා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියව ජනාධිපතිවරයා ලවා ඉවත් කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා බවයි දිසානායක මහතා එහිදී පැවසුවේ.

ඊට අමතරව මෝදර ධීවර වරාය සඳහා රජයේ තක්සේරුව රුපියල් ලක්ෂ 17ක් ව තිබියදී එය මසකට එක්ලක්ෂ විසිපන්දහසකට බදු දුන් බව ද ඔහු කියා සිටියා.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ හදවත් රෝගය සඳහා සිංගප්පූරු එළිසබත් රෝහලේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 100ක් රැගෙන ගිය බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා පැවසුවේ.

එම ක්‍රියාව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ හිඟනකමක් ලෙස වන අතර රටේ සාමාන්‍ය වැසියෙකුට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂයක් දෙකක් ලබා ගැනීමට කෙතරම් වෙහෙසිය යුතුද යන්නත් ඔහු පෙන්වා දුන්නා.

අනුර කුමාර දිසානායක මහහා දැක්වූ එම අදහස් පහතින්.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""ටොමියා බුරල ඉවරද? මොන හිඟන්නෙක් ද මේ" - අනුරගෙන් රාජිතට කනේපාරක් (Video)"

    Post a Comment