22 August, 2017

ස්මාර්ට් ෆෝන් එකෙන් අහස්කූරු යවන්න ගැජට් එකක් සෑදූ ලංකාවේ සුපිරි වැඩ්ඩා (Video/Photos)

arduino-blutooth-fireworks
තාක්ෂණයත් සමඟ ඉදිරියට ගමන් කරන ලෝකයේ නව නිපැයුම් සඳහා ඇත්තේ තරඟකාරී ඉල්ලුමක්.

තම බුද්ධිය හැකියාව යොදාගනිමින් එලෙස ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිදුකළ නව නපැයුමක් පිළිබඳව ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ අපට වාර්තාවනවා.

ඔහු නමින් මලින්ද විජේසේන වන අතර අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ තරුණයෙක්.

මිලින්ද තම්මැන්නාව වේලුසුමන විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වන අතර වාර්තා වන අන්දමට ඔහු 2017 උසස් පෙළ කණ්ඩායම නියෝජනය කරන්නෙක්.

මිලින්ද විසින් නිර්මාණය කර ඇත්ත්තේ Arduino Blutooth Fireworks ලෙස නම්කර ඇති ජංගම දුරකථනය මගින් දුරස්ථව පාලනය කලහැකි අහස්කූරු දල්වන යන්ත්‍රයක්.

අප අදහස වනුයේ මෙය ඉතාම වැදගත් නිර්මානයක් බවයි.

නවීන තාක්ෂණයත් සමඟ අද මිනිසාට මුහුණ දීමට සිදුවී ඇති විශාලගම අභියෝගයක් වනුයේ ආරක්ෂාවයි.

මෙම උපකරණය මගින් ඉතාම ආරක්ෂාකාරී ලෙස ගිණිකෙළි භාවිතයට ගැනීමට අවකාෂය සැලසෙනු ඇති.

අදාළ උපකරණයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශණ පහතින්.

src="https://etthapics.files.wordpress.com/2017/08/arduino-blutooth-fireworks-malinda-wijesena-01.jpg" width="400">
arduino-blutooth-fireworks
arduino-blutooth-fireworks
arduino-blutooth-fireworks

මිලින්ද වැනි දක්ෂ තරුණයින් ශ්‍රී ලංකාවේ අනාගතය අපේක්ෂාවෙන් දල්වනු ඇති බව අපේ විශ්වාසයයි.

මිලින්ද මෙවැනි නිර්මාණ තව තවත් සිදුකොට ලක්මෑණියන්ට තවත් වැඩදායි පුතකු වන්න. ඇත්ත විත්තිත අපේ සුභපැතුම්.



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ස්මාර්ට් ෆෝන් එකෙන් අහස්කූරු යවන්න ගැජට් එකක් සෑදූ ලංකාවේ සුපිරි වැඩ්ඩා (Video/Photos)"

    Post a Comment