22 August, 2017

නිදි පෙති හැමදාම බොන්න හොඳ නෑ

sleeping-pills
FilePhoto
නින්ද සෑම කෙනෙක්ටම අත්‍යවශ්‍ය දෙයකි . එහෙත්, වර්තමාන තරගකාරී සමාජයේ වෙසෙන බොහෝ දෙනෙක් ට නින්ද නිසි ලෙස ලබා ගැනීමට හැකියාව නැත. මානසික ආතතිය හේතුවෙන් අහිමි වන නින්ද ලබා ගැනීම සඳහා, බොහෝ දෙනා නිදි පෙති ගැනීමට පෙලඹේ. එහෙත් එය, සිරුරට අහිතකර ලෙස බලපෑම් කරන බව බොහෝ දෙනෙක් දන්නේ නැත.

පසුගිය දිනෙක කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මඟින් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ, දීර්ඝ කාලයක් නිදි පෙති ගැනීමට හුරු වූ විට පිළිකා රෝගය වැළඳීමට ඇති සම්භාවිතාව වැඩි බව ය.එසේ ම, BMJ ජර්නලය මඟින් පෙන්වා දී තිබු‍ණේ, දිගු කලක් නිදි පෙති භාවිත කිරීම නිසා, පිළිකා අවදානමකට ලක් වන බව ය.

එසේ ම, මාස 03 ක කාලයක් එක දිගට නිදි පෙති ගැනීමට හුරු වීමෙන්, මතක ශක්තිය අඩු වන බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. මේවා පානයට හුරු වීමෙන්, මනසට ප්‍රභල බලපෑමක් වන අතර, විවිධ ආසාත්මිකතා (දද, කුෂ්ඨ, බිබිලි) ඇති වේ. එසේ ම,දෛනික කටයුතු පූර්ණ අවධානයකින් මෙන් ම නිරවුල් මනසකින් කළ නොහැකි වේ.

එයට හේතුව, නිදි පෙති මඟින් මනසෙහි ක්‍රියාකාරීත්වයට සෘජුවම බලපෑමක් වන හෙයිනි. කම්මැලි ගති ස්වභාවය මෙන් ම නිතර නිතර ඈනුම් යනවිට, යහපත් ප්‍රතිරූපයක් ගෙඩනගාගත නොහැකි ය. දීර්ඝ කාලීනව මේවා භාවිතයට පුරුදු වීමෙන්, ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ඇති විය හැකි ය. එම නිසා, වයස්ගත පුද්ගලයන් වුව ද , නිසි වෛද්‍ය උපදෙස් ඇතිව මිස නිදි පෙති භාවිතය සුදුසු නැත.

අන්තර්ජාලය ඇසුරිණි
මදාරා මුදලිගේ (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නිදි පෙති හැමදාම බොන්න හොඳ නෑ"

    Post a Comment