
ඊයේ (19) පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, එතැනින් පිටත්වී යාමට සැරසෙද්දි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මුණගෑසීමට අමුත්තෙකු පැමිණියේය.
දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු මිතුදමක මතක ගොන්නක් ද රැගෙන පැමිණි ඔහු විශ්‍රාමික ගුරුවරයෙකු වූ ද ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු ද වූ පානදුර මාලමුල්ලේ ජී.ජයසේන පිරිස් මහතාය.
60 දශකයේ ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබ පොළොන්නරුව ඇතුමල්පිටිය පාසලේ සේවයට ගොස් සිටි අවධියේ ජයසේන මහතාගේ සමීපතම මිතුරාව සිටියේ එවක පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
ඔවුන් අතර මිතුදම
කොතෙක් ගැඹුරු වි ද යත් ජයසේන මහතාගේ විවාහයේ දෙවෙනි මනාලයා ලෙස එක්වුයේ ද මේ උසස් පෙළ සිසුවාමය.
තම දුෂ්කර ගුරු සේවයේ වෙහෙස පවස නිවා ගන්නට නොනිම් සිසිලක් වු තම ගම්බද සගයා අද රටේ ජනාධිපති ධූරය හෙබවූව ද ඔහු ඉදිරියේ ජයසේන පීරිස් මහතාට අදත් දැනුණේ ඒ සුපුරුදු අතීත ලෙන්ගතුකමය.

තම දුෂ්කර ගුරු සේවයේ වෙහෙස පවස නිවා ගන්නට නොනිම් සිසිලක් වු තම ගම්බද සගයා අද රටේ ජනාධිපති ධූරය හෙබවූව ද ඔහු ඉදිරියේ ජයසේන පීරිස් මහතාට අදත් දැනුණේ ඒ සුපුරුදු අතීත ලෙන්ගතුකමය.



(Neth)
Share this
|
|
0 Comment to "ජනපතිගේ මනමාලකම් හෙළිකරමින් පැරණි මිතුරකු හදිසියේ මුනගැසෙයි (Photos)"
Post a Comment