04 October, 2017

විදේශගතව කාමාතුරයින්ගේ ගොදුරක් වී ජීවිතයේ අපාදුක් විඳපු ලතාගේ කඳුළු කතාව (Video)

TITLE

"මාස 9ක් පඩි දුන්නේ නැහැ"

"පිරිමි තුන්දෙනාගෙන් හුඟක් බලපෑම් තිබුණා"

"හුඟක් කාන්තාවන් ඒ කඳවුරේ හිටියා"

අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත බෝහෝමයි. ඒ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ අතරින් අප තෝරාගත්ත ලතාගේ කතාවයි මේ.

ලතා ජීවත්වුනේ මාතර ප්‍රදේශයේ. ඇගේ පවුලේ සහෝදරියන් 4ක් හිටියා. ඔවුන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් අතර මව නිවසේ සිටියදී පියා කුලී රැකියාවක් කරලා මොවුන් සියළු දෙනා ජීවත් කරවූවා..

නමුත් ඇගේ පියා වයසට යනවිට හරිහැටි රැකියාව කරගන්න බැරිවුණා. ඒ නිසා පවුලේ හුඟක් අඟහිගකම් සිදුවුණා..

පසුව ලතාගේ පවුලේ සහෝදරියන් සියළු දෙනා ඇඟලුම් කම්හල්වල රස්සාවලට යනවා. ඒ නිසා ලතාත් ඉගෙනීම නතරකරලා කොළඹ රැකියාවකට යනවා.

සහෝදරියන් සියළුදෙනා එකම කාමරයක උයාගෙන පිහාගෙන ජීවිතය ගත කරන ගමන් දෙමව්පියන්ගේ වියදමත් ඔවුන් බලාගත්තා.

ඔහොම ඉන්න ගමන් ලතා තරුණයෙකු සමග සම්බන්ධයක් ඇතිකරගන්නවා. ඒ සම්බන්ධය වසර 4ක් විතර තිබුණු අතර ලතාටත් හොරෙන් ඒ තරුණයා තවත් තරුණියක් විවාහ කරගන්නවා.

ඒ නිසා දුකින් කාලය ගත කරපු ඇය වසර ගණනාවක් රැකියාව කරගෙන වැඩිමහල් සහෝදරියන් විවාහ වෙනකම් සිටි අතර පසුව වෙනත් තරුණයෙකු හා විවාහ කරගන්නවා.

කාලයක් ගතවෙනකොට දරුවන් දෙදෙනෙකුද ඇගේ පුංචි පවුලට එකතුවෙනවා. මුලින් මුලින් සැමියාගෙන් වැඩි සැලකිලි ලැබුනත් පසුව ටික ටික වෙනස් වෙන්න ගන්නවා. ඔහුගේ බේබදුකම නිසා ඇය හුඟක් දුක් විඳිනවා.

ඔය අතරතුර ඇගේ සැමියා නොසිතපු විදිහේ අනතුරකට මුහුණ දෙනවා. ඒ හේතුවෙන් ඇය නොහිතපු කරදර වළට පැටලෙනවා. ඇයට දරුවන් සමග ජීවත්වෙන්න වුනේ නිවසේ හඳුන්කූරූ නිෂ්පාදනය කරලයි.

පසුව සැමියාගේ අනතුර සහ පවුලේ ප්‍රශ්ණ නිසාම ඇය විදේශ ගත වෙන්න තීරණය කරනවා.

පිරිමි 3දෙනෙකු සහ දරුවන් 3දෙනෙකු සිටින නිවසක පඩි නැතුව ඇය මාස 9ක් රැකියාව කරනවා. ඒ අතරතුර ඇයට නිවසේ සිටි පිරිමින්ගෙන් ලිංගික අතරවරයන්ද සිදුවෙනවා.

ඔවුන්ගෙන් සිදුවෙන හිරිහැරත් සමග ඇය පඩි පිළිබඳ විමසන විටදි පවා ඔවුන් ඇයට වංචා කරනවා.

පසුව ඇය ඒ රටේ කාන්තාවකගේ උදව්වෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණිලි කරනවා. පසුව ඇයට ලැබිය යුතු මුදල්ද ලැබී ආපසු දිවයිනට පැමිණෙනවා.

නමුත් නිවසට එනවිටත් පවුලේ අය ලතා පිළිබඳව තොරතුරක් නැති නිසා සිතා ඇත්තේද ඇය මියගිහින් කියලයි.

ඊට මාස කිහිපයකට පසුව ඇය දෙවෙනි වතාවට සහ තුන්වන වතාවටත් විදේශගතවෙනවා. ඒ සැමියාට ඒ වන විටත් අසනීප තත්ත්වය නිසායි.

ඔහොම ඉන්න ගමන් ඇයගේ රුධිර සාම්පලයක ප්‍රශ්ණයක් නිසා ඇයව ආපසු ලංකාවට එවනවා. පසුව ඇයට දැනගන්න ලැබෙන්නේ HIV ආසාදනය වී ඇති බවයි.

විදේශගතව කාමාතුරයින්ගේ ගොදුරක් වී ජීවිතයේ අපාදුක් විඳපු ලතාගේ කඳුළු කතාව පහතින් බලන්න.



(හිරුගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විදේශගතව කාමාතුරයින්ගේ ගොදුරක් වී ජීවිතයේ අපාදුක් විඳපු ලතාගේ කඳුළු කතාව (Video)"

    Post a Comment