13 October, 2017

මූණු පොතේ පෙම්වතිය බලන්න ඇවිත් නිල්වලා ගඟට පැන්න තරුණයා අවසානයේ පොලිසිය නිසා බේරෙයි

TITLE

මාතර මහානාම පාලම අසලින් නිල්වලා ගඟට පැන දිවි නසා ගැනීමට තැත් කළ තරණයකු මාතර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පී. පී. සුදුසිංහ මහතා මැදිහත්ව බේරා ගැනීමේ පුවතක් වාර්තාවනවා.

එම තරුණයා දිවි හානිකර ගැනීමට ගඟට පැනීමට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ පෙම්වතියගේ ඥාතීන් පිරිසක් මෙන්න හොරෙක් ලෙස කෑගැසීම නිසා බියට පත්වීමයි.

ෆේස්බුක් සමාජජාලය ඔස්සේ මෙම තරුණයා මාතර ප්‍රදේශයේ තරුණියක් සමඟ පෙම් සබඳතාවක් ඇති කරගෙන ඇති අතර, මේ පිළිබඳ තරුණියගේ පාර්ශ්වය දැන ගැනීමෙන් පසු එම තරුණියගේ පාර්ශ්වයේ කාන්තාවක් ඔහුට එම තරුණිය ලෙස පෙනීසිටිමින්, මාතරට හමුවන්නට එන ලෙස ආරාධනා කර තිබෙනවා.

එම ආරාධනාවට අනුව ඊයේ (12දා) පෙරවරුවේ එම තරුණයා මාතර මහානාම පාලම අසලට පැමිණ ඇත. එවිට ඔහුට තම පෙම්වතිය වෙනුවට දැකගත හැකි වූයේ එම පෙම්වතියගේ ඥාති පාර්ශ්වයයි. අනතුරුව එම ඥාතීන් මෙන්න හොරෙක් කියා කෑ ගසා ඇත.

එවිට අසලට රැස්වූ විශාල ජනතාවක් මෙම තරුණයාට පහර දෙන්නට සැරසෙනවාත් සමඟ ඔහු ගඟට පැන ඇත.

ඔහු ගඟට පැන්න පසු තරුණියගේ ඥාතීන් මෙන්න කවුද ගඟට පැන්නා කියා කෑගසනු මාතර රථ වාහන අංශයේ ස්ථානාධිපති පී. පී. සුදුසිංහ මහතාට ඇසී ඔහු වහා පැමිණ අසල තරුණයන් සමඟ ගඟට පැන්න තරුණයා බේරා ගැනීමට විශාල මෙහෙයුමක් සිදු කර ඇත.

පසුව තරුණයා පොලිස් අත්අඩංගුවට පත්විය. පොලිසිය වැඩිදුර ප්‍රශ්න කර ඔහු අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු දැයි සොයා බැලීමට පරීක්ෂණ සිදු කරද්දී අනාවරණය වූයේ තමාට සිදුවූ ලැජ්ජාව හා බිය නිසා දිවි හානිකර ගැනීමට ගඟට පැන ඇති බවයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මූණු පොතේ පෙම්වතිය බලන්න ඇවිත් නිල්වලා ගඟට පැන්න තරුණයා අවසානයේ පොලිසිය නිසා බේරෙයි"

    Post a Comment