12 October, 2017

‘‘මගේ වැඩ නිසා පවුලේ අය දුක් වින්දා – කෙල්ල නිසා නෙමෙයි..‘‘ – වෙඩි තබාගත් සිසුවාගේ ලිපියක් හමුවෙයි (Photos)

kumudith-adithya

ගාල්ල - පෝද්දල - වටරැක ප්‍රදේශයේ පදිංචි, 17 හැවිරිදි පාසල් සිසුවෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන පෙරේදා (10) සිය දිවි හානි කරගෙන තිබෙනවා.


වෙඩි තබාගෙන දිවි නසාගත් 17 හැවිරිදි පාසැල් සිසුවාගේ මරණයට හේතුව පරීක්ෂණ වලින් හෙළිවෙයි


මෙසේ දිවි නසාගෙන ඇත්තේ වටරැක නැගෙනහිර පදිංචිව සිටි කුමුදිත ආදිත්‍ය ලොකුකරවිට හෙට්‌ටිආරච්චි නමැති ගාල්ල මහින්ද විදුහලේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි පාසැල් සිසුවෙක්.

සිය පියාට අයත් බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගිය මෙම සිසුවා පවුලේ දෙවැනි දරුවායි. ඔහු පෙරේදා (10 වැනිදා) රාත්‍රී අටයයි දහයට පමණ නිවස පිටුපස ගසකට හේත්තුවී වෙඩිතබා ගෙන තිබෙනවා.

ඒ සමගම නිවැසියන් විසින් බරපතල තුවාල ලබාසිටි සිසුවා කරාපිටිය රෝහලට ගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස්‌ සිටි බවයි වාර්තාවන්නේ.

සියදිවි නසාගැනීමට ප්‍රථම ලිපියක් ලියා ඇති මොහු ඉන් පවසා ඇත්තේ තමාගේ මරණයට කිසිවකු වගකිවයුතු නැති බවයි.

තමාගේ ක්‍රියා කළාපය හේතුවෙන් සිය පවුලේ සාමාජිකයින් දුක්‌ විඳි බවත් මෙම සිද්ධිය සිය පෙම්වතිය හේතුවෙන් සිදුකරගන්නා දෙයක් නොවන බවත් ඉන් පවසා තිබෙනවා.

ඉදිරියේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියද මෙවන් පීඩනයක්‌ යටතේ ලැබෙන ප්‍රතිඵලය දන්නා බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

kumudith-adithya

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘‘මගේ වැඩ නිසා පවුලේ අය දුක් වින්දා – කෙල්ල නිසා නෙමෙයි..‘‘ – වෙඩි තබාගත් සිසුවාගේ ලිපියක් හමුවෙයි (Photos)"

    Post a Comment