10 August, 2017

පොත් කියවලා ගන්න අත්දැකීම් ජීවිතේ පිරිපුන් කරනවා

Kate Morton
කේට් මෝර්ටන්

කේට් මෝර්ටන් ඔස්ට්‍රේලියානු ගත්කතුවරියකි. ඇය රටවල් 42 කට පොත් මිලියන 10 කට අධික ප්‍රමාණයක් අලෙවි කර ඇත. එමෙන් ම, ගත්කතුවරියන් අතරින් ලොව විශාලතම ප්‍රකාශන අපනයනකරු බවට පත් වීමට ද ඇයට අවස්ථාව හිමි විය. 2006 වසරේදී The House at Riverton, 2008 වසරේදී The Forgotten Garden, 2010 වසරේ දී The Distant Hours, 2012 වසරේදී The Secret Keeper සහ 2015 වසරේ දී The Lake House යන ග්‍රන්ථ ඇය විසින් රචනා කරන ලදී . කේට් මෝර්ටන් තම ලේඛන දිවිය පිළිබඳ www.Booksbrowse.com වෙබ් අඩවිය සමඟ කළ සංවාදයක පරිවර්තනයකි මේ.

ලේඛකයන් නිතරම කියන්නේ, ඔවුන් කුඩා කල සිට ම ලේඛන කටයුතු කළ බවයි. ඔබට ඒ ගැන කිව හැක්කේ කුමක් ද?

මම නිතරම පොත් පත් කියැවීමට පුරුදුවී සිටින කෙනෙක්. ඒත්, මම ලේඛන කටයුතුවල නිරත වුණේ අවුරුදු 20කට පස්සේ. මම කුඩා කළ බොහෝ විට කැමැත්තෙන් හිටියේ ඉංග්‍රීසි පංතියට. ඒ කාලේ මම කවමදාකවත් හිතුවේ නෑ ලේඛකයකු වෙන්න.මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උසස් අධ්‍යාපනය සඳහා නිතීය හැදෑරුවා. මුලින්ම ලේඛන කලාවට අවතීර්ණ වුණේ මම ලියපු අදහසකට අහම්බෙන් වගේ මගේ මිතුරෙක් දක්වපු ප්‍රතිචාරයකින් පසුවයි. ඊට පස්සේ මම කළ යුත්තේ කුමක් ද කියලා මා විසින්ම සොයා ගත්තා. මම හිතන විදිහට ලේඛනගත කිරීමයි, රංගනයයි එක සමාන ක්ෂේත්‍ර දෙකක්. මේ දෙකේදීම යම් කිසි කතාන්දරයක් කියැවෙනවා. ඒ වාගේ ම, විවිධ ස්ථානවලදී පුද්ගල චරිත වෙනස් වෙනවා. ඒත්, ලේඛකයකු විදිහට මා පොතක් ලිවීමේ දී, මගේ මුළු සිතුවිලි ලෝකයම එක භූමිකාවකට රැගෙන එනවා. එතැනදී මම සිදුවීම් සිදුවුයේ කවදද? කොතැනදීද? යන දේ ගැන පුර්ණ අවධානයෙන් ඉන්න ඕනැ. මම හිතන විදිහට, ලේඛකයකුට වඩාත්ම සුදුසු වෙන්නේ, කොහේ ජීවත් වුණත් කාර්යක්ෂමව සහ නිරීක්ෂණයෙන් යුතුව සිටීමයි.

ඔබගේ ලිවිමේ හැකියාව වැඩි දියුණු කර ගත්තේ කොහොම ද?

ලේඛන කාර්යයෙහි නිරත වීම මට විශාල සතුටක් ගෙන දෙන අතරම, මගේ සංචාරවලටත් රුකුළක් සපයනවා. ලිවීම සඳහා අදහස් නිර්මාණය කර ගන්නත් මම සංචාරවල නිරත වෙනවා. ඒ නිසා මට බොහෝ විනෝදාංශ අත්‍යවශ්‍ය වෙනනේ නැහැ. මම ලියන විට සරළ දේ කරන්න කැමැතියි. මම මගේ කිට්ටු මිතුරන් සහ පවුලේ සාමාජිකයන් සමඟ හොඳ ආහාර භුක්ති විඳිමින්, උද්‍යානවල සැරිසරමින්, වැස්ස , හිරු එළිය සමඟ කාලය ගත කරමින්, සිංදු කියලා හිනා වෙන්න තමයි බොහොම කැමැති. මම කුඩා දරුවන්ගේ පොත්වල චිත්‍ර නිර්මාණය කරනවා. ඒ වාගේම,චිත්‍ර ආකෘති එකතු කරනවා. නර්ථනය, චිත්‍රපට නිර්මාණය,ඡායාරූපකරණය වගේ ම, ගායනය වැනි සෞන්දර්යාත්මක දේවලටත් මම බොහෝ ඇල්මක් දක්වනවා. මගේ සැමියා පියානෝ වාදනශිල්පියෙක්. මගේ දරුවන් නිරන්තරයෙන් ම නිවෙසේ දී ගීත ගායනා කරනවා. ඒ නිසා, මගේ මුළු නිවෙසම සංගීතයෙන් පරිපුර්ණ වෙලා තියෙන්නේ.

ලේඛන කටයුතුවල සාර්ථකත්වය සඳහා ඔබට උපකාරී වු ග්‍රන්ථ මොනවා ද?

කුඩා දරුවකුව සිටියදී මම එනී බ්ලයින්ට් , ට්‍රික්සි බෙල්ඩන් යන ලේඛකයන්ගේ පොත්වලට ආදරය කළා. ෆේමස් පයිව් වැනි පොත්වල තිබුණා වගේ මමත් මගේ යහළුවන් සමඟ උස ගස් උඩ නැගලා, අභිරහස් කණ්ඩායම් වගේ කාලය ගත කළා. විශ්ව විද්‍යාලයේ දී මම ඉංග්‍රීසි වික්ටෝරියානු නවකථාවල ඛේදවාචක පිළිබඳ තමයි උපාධි නිබන්ධනය සැකසුවේ.

මම ආපසු හැරී බලද්දි, එදා සිදු කළ දැවැන්ත ලේඛන සැකසුම්, මගේ වර්තමාන ලේඛන කටයුතුවලට විශාල අනුබලයක් ලබා දීලා තියෙනවා. ජේන් අයර්, වදරින් හයිට්ස් වාගේ ගොතික් නවකථාවලටත් මම බොහොම ආදරෙයි. මම මගේ කෘතිවලට ඒ කෘතිවල ඇතැම් අංග යොදා ගන්නවා. රහස් පාපොච්ඡාරණ, අභිරහස් කුමන්ත්‍රණ, රහස් ගොඩනැගිලි වගේ දේ මම මගේ කෘතිවලට උපයෝගී කර ගන්නේ, ඒ කෘතිවල ආභාෂය අරගෙනයි.

ඔබ අධ්‍යයනය කරමින් ලේඛන කටයුතුවල නිරතවන්නියක්. එහිදී ඔබ ප්‍රස්තුතයට ගත්නා චරිත සහ සිද්ධි මඟින්,ඔබගේ පාඨකයන්ට දෙන පණිවිඩය මොකක්ද?

මගේ පොත් කියවලා රසවිඳින පාඨකයන්ට මම නිහතමානීව කෘතඥතාව පළ කරනවා.ඔවුන් මගේ යම් කිසි වැරැද්දක් කිව්වොත්, මම ඒක විශ්වාස කරනවා. කතුවරයාගේ හදවත සහ ආත්මය රඳා පවතින්නේ, පොතේ පිටු අතරයි. කථාන්දරයක් කියන්නේ, ස්වභාවයෙන් ම පරිපුර්ණ ව්‍යායාමයක් . මම යොදා ගන්නා අභිරහස් සංසිද්ධි සමඟ මිශ්‍ර වූ කථන ක්‍රමය බොහෝ කෘතිවලට කොටුවෙලා තියෙනවා. මට සමහර වෙලාවට හිතෙනවා මම මගේ පාඨකයන් සමඟ සෙල්ලම් කරනවා කියලා. මගේ හිතට හොඳ අදහසක් ආවහම, මම මගේ යටි සිතින් ඒ පිළිබඳ සතුටු වෙනවා වගේ ම, ස්තූතිවන්ත වෙනවා. ඊට පස්සේ මම මගේ පාඨකයන් උපරිමයෙන් තෘප්තිමත් කිරීම සඳහා කටයුතු කරනවා.

කතුවරියක වශයෙන් ඔබ ,“පාඨක කණ්ඩායම් “ පිළිබඳ දරන්නේ කුමන මතයක් ද? එම කණ්ඩායම්වලට ඔබ පවසන්නේ කුමක්ඳ?

මම හිතනවා පොත්පත් කියවන පාඨකයන් අනෙක් අයට වඩා විනෝදයෙන් සිටිනවා කියලා. අනෙක් මිනිස්සුන්ට වඩා ඔවුන්ට යමක් සතුටින් කරන්න පුළුවන්. පළමුව පොත් හොඳින් කියැවිය යුතුයි. ඉන් පසු, ඒ කියවූ පොත් පිළිබඳ අන්‍යයන් සමඟ සාකච්ඡා කළ යුතුයි. අවසානයේදී තර්ක කරමින්, නිගමනවලට එළැඹිය යුතුයි.කියැවීම හුදෙකලාව සිටිමින් කරන ක්‍රියාවක්.

ඒත්, පොත් කියැවීමේ කණ්ඩායම් තුළදී, හවුලේ සිදු කරන ක්‍රියාවක් බවට එය පත් වෙනවා. එහිදී පොත් කියැවීමෙන් පුද්ගලයකු ලද අත්දැකීම, තවත් කෙනකු සමඟ බෙදා හදා ගන්න පුළුවන්. මම Ian McEwanගේ Atonement, පොත කියවල අවසන් වුණාට පසුවත්, ඒ පොත කියවපු කිසිම කෙනෙක් මට හම්බ වුණේ නැහැ. මම ඒ පිළිබඳ දැඩි කනස්සල්ලෙන් පසු වුණා. ඉන් පසු, මම මගේ ප්‍රාදේශීය පොත් සාප්පුවේ හිමිකරු වෙත ගොස් මේ පොතේ ගුණාත්මකභාවය පිළිබඳ පැහැදිලි කළා.

පොත් කියැවීමෙන් විශාල සතුටක් ලබා ගන්න පුළුවන්. පොත් කියවන කණ්ඩායම් දැනුම් දෙන්නේ , ඔවුන්ගේ හදවතට දැනෙන දේවල් . පොත් කියැවීමෙන් ලබා ගන්නා අත්දැකීම්, මුළු ජීවිත කාලය පුරාවටම වටිනවා.

Kate Morton-books

මදාරා මුදලිගේ (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පොත් කියවලා ගන්න අත්දැකීම් ජීවිතේ පිරිපුන් කරනවා"

    Post a Comment