12 March, 2017

තුර්කිය – නෙදර්ලන්ත දෙරටේ අර්බුදය උග්‍ර අතට හැරෙයි

Turkey - Netherlands Conflict

තුර්කිය සහ නෙදර්ලන්තය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

ඒ තුර්කි ජනාධිපති රිසෙප් තයීප් ආර්ඩොගන්, නෙදර්ලන්ත ජාතිකයින් නාසි පාලනයේ අවශේෂ සාමාජිකයින් සහ ෆැසිස්ට්වාදීන් බවට චෝදනා කිරීමෙන් පසුව ය.

තුර්කි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ආරක්ෂක හේතූන් මත නෙදර්ලන්තයේ පැවැත්වීමට නියමිත රැළියක් තහනම් කිරීම හමුවේ, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදකාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින පසුබිමකදී ය.

තුර්කි විදේශ අමාත්‍යවරයා එම රැළියේදී නෙදර්ලන්තයේ ජීවත් වන තුර්කි ජාතිකයින්ගෙන් තුර්කි ජනාධිපතිවරයාට වැඩි බලතල පැවරීම සඳහා
පැවැත්වීමට නියමිත ජනමත විචාරණයට සහය දක්වන ලෙස ඉල්ලීමට නියමිතව තිබුණි.

දෙරට අතර අර්බුදකාරී තත්ත්වය වර්ධනය වෙමින් පැවති අවස්ථාවේදී නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හි පිහිටි තුර්කි කොන්සල් කාර්යාලයට තුර්කි අමාත්‍යවරයෙකු ඇතුළුවීම වැළැක්වීමට ද නෙදර්ලන්තය පියවර ගත්තේ ය.

නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රට් සඳහන් කළේ, තුර්කි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි දෙයක් බව ය.

මීට පෙර ඔස්ට්‍රේලියාව, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය ද එම රටවල තුර්කිය එලෙස පැවැත්වීමට නියමිතව තිබූ රැළි වැළැක්වීමට පියවර ගැනිණ.

තුර්කි ජනාධිපතිවරයා සිය ව්‍යවස්ථාදායක බලතල වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත ජනමත විචාරණයට යුරෝපා සංගමයේ රටවල්වල දිවිගෙවන තුර්කි ජාතිකයින් සම්බන්ධ කර ගැනීමට තැත් කිරීම එම රටවල දැඩි විවේචනයට ලක්විය.

_නිව්ස්ෆස්ට්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "තුර්කිය – නෙදර්ලන්ත දෙරටේ අර්බුදය උග්‍ර අතට හැරෙයි"

    Post a Comment