පසුගිය වසරේ ඔක්තෝබර් මස ගැසට් පත්‍රයට ඇතුළත් කරන ලද නියෝග කිහිපයක් සංශෝධනය කරමින් පසුගිය පෙබරවාරි 09 වන දින නව ගැසට් පත්‍රයක් ද මේ වන විට නිකුත් කර ඇත.
මේ අනුව මෙම වසරේ මැයි 31 වන දිනට පෙර සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම එම නියෝග ප්‍රකාරව නිලවරණ පැවැත්විය යුතුය.
ජාතික ක්‍රීඩා සංගම්වලට පනවන ලද නව නියෝග හේතුවෙන් ජාතික ක්‍රීඩා සංගම් තම භුක්තියට සවි කරගෙන සිටි නුසුදුසු දූෂිත නිලධාරීන්ට යළි පත්වීමේ ඉඩ කඩ දැඩි ලෙස වළක්වාලීමට කටයුතු යොදා තිබීම යහපත් පියවරක් බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
ජාතික ක්‍රීඩා සංගම්වල අකාර්යක්ෂමතාවන් වංචා දූෂණ සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ චෝදනා පිට චෝදනා එල්ල වූ නමුත් එම තත්ත්ව වළක්වාලීමට හැකි වූයේ නැත.
මෙරට ඇතැම් ජාතික ක්‍රීඩා සංගමයක ඉහළ
නිලධාරී තනතුරු දශකයකට වැඩි කාලයක් නියෝජනය කරමින් වෙනත් කිසිදු පාර්ශ්වයකට එම සංගම්වල නිලතල දැරීමට ඉඩ නොදෙමින් කටයුතු කළ සංගම් ප්‍රධානීන් ගණනාවක් ගැන පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබිණි.
එමෙන්ම කිසිදු ජාතික මට්ටමේ හෝ ක්‍රීඩා තරගයකට සහභාගී නොවුණු පුද්ගලයන් මෙම දූෂණ වංචා ආදියට දඬුවම් විඳි පුද්ගලයන් ද මෙලෙස තනතුරුවලට පත්ව සිටියහ.
මෙවර අදාළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ තරගවලට සහභාගී වී පළපුරුද්දක් නොමැති පුද්ගලයන්ට එම සංගම් නිලවරණ සඳහා ඉදිරිපත් වීම වළක්වා ඇත.
ඉතා හොඳ තීන්දුවක් :
නව නියෝග ප්‍රකාරව ක්‍රීඩා සංගම් තනතුරු සඳහා පත් විය යුතු පුද්ගලයන්ගේ සුදුසුකම් නුසුදුසුකම් රැසක් හඳුන්වා දී තිබෙන අතර මෙහි දී ජාතික සංගමයට, පාසල් ක්‍රීඩා සංගමයේ නියෝජිතයකු සභාපති හෝ උප සභාපතිවරයකු ලෙස පත් කිරීමේ නියෝගයක් ද පනවා ඇත.
මෙය ඉතා හොඳ තීන්දුවක් බව ද ක්‍රීඩා ප්‍රවීණයෝ පෙන්වා දෙති.
පසුගිය කාලයේ ජාතික සංගම් සහ පාසල් සංගම් අතර කිසිදු සම්බන්ධීකරණයක් නොමැති බව සහ ගැටුම්කාරී තත්ත්ව පැවති බව වාර්තා විය.
මේ නිසා දක්ෂ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට ජාතික තලයට පිවිසීමේ අවස්ථා අහිමිව තිබුණේය.
(ඩී. මංජුල කුමාර_ශ්‍රීලංකන්මිරර්)

Share this
|
|
0 Comment to "ක්‍රීඩා සංගම් මාෆියාවට වැට !"
Post a Comment