28 July, 2017

දළදා මාළිගාවේ හරිත කලාපය යථාර්ථයක් වීමට නම් දළදා වඳින්නට එන ඔබට

dalada-maligawa

ඉකුත්දා සිට මහනුවර දළදා මාළිගය පරිශ්‍රය හරිත කලාපයක් බවට ප්‍රකාශයට පත් ‍කෙරිණි. ඒ අනුව නොදිරන ද්‍රව්‍ය ‍පොලිතීන්, ප්ලාස්ටික් ‍බෝතල්, ලන්ච් ෂීට්, ෂොපින් බෑග් වැනි දෑ එම පරිශ්‍රය තුළට ‍ගෙන යාම තහනම් කර ඇත.

නව ක්‍රමය ‍කෙ‍රෙහි ‍යොමු වනතුරු මාළිගාවට ඇතුළු වන සැදැහැතියන් ‍වෙනු‍වෙන් වාහල්කඩ ප්‍රවේශය අසල ප්ලාස්ටික් ‍බෝතල්වල රැ‍ගෙන එන ‍පොල්තෙල්, වීදුරු ‍බෝතලවලට මාරු කර‍දෙන අතර ෂොපින් බෑග් ‍හෝ ‍පොලිතීන් මලුවල දමා රැ‍ගෙන එන මල් ‍වෙනු‍වෙන් ‍දොරටුව අසලදී වේවැල් ‍හෝ කාඩ්බෝඩ් වැනි දිරා යන දෙයින් නිෂ්පාදිත මල් වට්ටියක් සැපයීමද සිදු‍ කෙරේ.

ආපසු යාමට පෙර නැවත එම භාණ්ඩ බාරදෙන ලෙස ඉල්ලා සිටියද ඇතැම් පිරිස් ඒවා ආපසු බාර නොදීම නිසා අදාළ භාණ්ඩ තවත් පිරිසක් අතට පත් කිරීමට නොහැකිව ඇතැයිද එම ‍කාර්යමණ්ඩලය ‍පෙන්වා ‍දෙති.

එසේ‍ හෙයින් තමන්ට ලැ‍බෙන මල් වට්ටිය නැවත ‍ගෙනැවිත් බාර‍දෙන ‍ලෙස ජනතාව‍ දැනුම්වත් කරන අතරම, ‍මේ සද්කාර්යය ‍වෙනු‍වෙන් ජනතාවටද තමන්ට හැකි පමණින් එවැනි වට්ටි සකස් කර ‍ගෙනැවිත් බාර‍දීමට ඇති හැකියාවද මේ කටයුත්ත අගය කරන ජනතාව පෙන්වා දෙති.

සැබැවින්ම පන් කොළයකින්, පොල් කොළයකින් එවැනි වට්ටි නිර්මාණය කර හෝ ඉවතලන කාඩ්බෝඩ් මගින් වට්ටි සකසා පූජා කළ හැකි නම් එය මෙවැනි උත්සව සමයේ පැමිණෙන අතිවිශාල ජනතාවට මහත් උපකාරයක් මෙන්ම පුණ්‍යකර්මයක්ද වනු ඇත.

ඒ අතර දළදා මාළිගාවට පැමි‍ණෙන ‍බහුතරයක් ‍මේ වනවිට සංවර ඇඳුමකින් සැරසී පැමිණියද, අදටත් ඇතැමුන් ‍කෙටි ‍හෝ වඩාත් විවර වූ ‍හෝ විනිවිද ‍පෙ‍නෙන ඇඳුමෙන් පැමිණීම යම් ගැටලු තත්ත්වයන් මතු කරන අයුරු ප්‍රවේශ දොරටුව අසල සිදුවන ඇතැම් වචන හුවමාරු සනාථ කරයි.

තමන් හදිසි‍යේ පැමි‍ණි නිසා හෝ නොදන්නා නිසා කිහිලි පෙනෙන තෙක් අත් නොමැති ඇඳුමක් ‍හෝ පිටුපස ‍හෝ ඉදිරිපස වැඩි‍යෙන් විවරව පවතින ඇඳුමෙන් සැරසී පැමි‍ණි බව ප්‍රකාශ කරමින් මාළිග පරිශ්‍රයට ඇතුළුවීමට ගන්නා උත්සාහය වි‍ටෙක හිත් රිදවීම් දක්වා දුරදිග යන්නේ එහි සේවය කරන පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන්ටද කළ යුතු වෙනත් යමක් නොවන තැනකදීය.

අඩුම තරමින් ආගමික ස්ථානයකට ප්‍රවේශ වනවිට වඩා සංවර ඇඳුමකින් පැමිණීමට හෝ නොදන්නා මිනිසුන්ගේ සදාචාරය සහ චර්යාවන් කුමක්දැයි ඒ දකින ජනතාව අසන ප්‍රශ්නයද නිවැරදිය.

ඇතැම් පිරිමි පාර්ශ්වය පවා ‍කෙටි ඇඳුමෙන් පැමි‍ණෙන අතර, කිහිලි විවර වූ බැනියම් ‍හෝ දණහිසටත් අඩු කොට කලිසම් ‍නොඅඳින ‍ලෙසද ආරක්ෂක අංශ දන්වා සිටියි.

එ‍හිදී අඩුම තරමින් දණහිස ‍නොව එයින්ද පහළට අඟල් ‍දෙක තුනක්වත් දිගු සහ කිහිලි පපු සහ පිට පැත්ත ‍නොපෙනන ඇඳුමෙන් සැරසී පැමිණෙන ලෙස ආරක්ෂක අංශ ජනතාව දැනුම්වත් කරති.

ඇතැම් කාන්තාවන් සුදු පැහැති ඉතා දිගු සායකින් සැරසී පැමිණියද, ඒවා‍යේ දුහුල් සහ විනිවිදභාවය නිසා යම් අසංවරකමක් මතුවන බවද එවැනි අවස්ථා දකින සැදැහැතියෝ අවධාරණය කරති.

මේ අතර වි‍ටෙක මාළිග පරිශ්‍රය තුළට පිවිසෙන තරුණ ‍පෙම්වතුන්ගේ ‍නොමනා හැසිරීම් ‍මෙන්ම ඇතැමුන්ගේ චර්යා පිළිබඳ ප්‍රශ්නද දක්නට ඇතැයිද මැසිවිලි ඇසේ. එවැනි අවස්ථා ‍මෙවැනි වන්දනීය ස්ථානයකට නුසුදුසු බව ඔවුන් වටහාගත යුතු බවද මෙම සිදුවීම් දකින ජනතාව ‍පෙන්වා ‍දෙති.

ඒ අතර ඇතැම් සැදැහැතියන් තැන නොතැන නොබලා ‍පොල්තෙල් පහන් සහ සුවඳකූරු දල්වමින්ද, පුද පූජාවන්ට ‍ගෙ‍නෙන කිරිබත් ආදිය තැන තැන‍ ගොඩකිරීම නිසාද හරිත කලාපය අපිරිසුදු වීමේ ප්‍රවණතාවක් ඇතැයි එම ස්ථාන භාරකරුවෝ පෙන්වා දෙති. එනිසාම කපුටන්, රිලවුන් සහ ‍වෙනත් සතුන්ගේ හැසිරීම තුළ වන්දනාමාන කරන බැතිමතුන් අපහසුවට පත් වූ අවස්ථාද වාර්තා වේ.

ඒ අතර ඇතැම් වන්දනාකරුවන් අනෙක් සැදැහැතියන් පිළිබඳ නොතකා බෝධීන් වහන්සේලා ඉදිරියේ ඝෝෂාකාරී හඬින් ගාථා පිරිත් ගායනා කිරීම හේතුවෙන් අන් අයට හිරිහැරයක් සිදුවන බවට ඇතමුන් පෙන්වා දෙන කරුණද උපේක්ෂාවෙන් විමසිය යුතුය.

බෞද්ධකම යනු සත්‍ය අවබෝධය නම් තමන් ආගමික වතාවත්හි යෙදෙන පරිසරය යහපත්, පිරිසුදු, වන්දනීය තැනක් බවට පත් කරගැනීමේ චර්යාමය සහ සදාචාරාත්මක වෙනස්කම් හැම බෞද්ධයෙකු තුළම පැවතිය යුතු බව පමණක් මෙනෙහි කරමු.

ඉකුත් සති අන්තයේ එක් දිනක, එක් පැයක් තුළ මාළිගාව ඉදිරි වාහල්කඩ ප්‍රවේශය අසලදී පොලීසිය විසින් වන්දනාකරුවන් රැගෙන ආ පොලීතින් සහ බෝතල් එකතු කර විනාශ කිරීමට රඳවා ඇති ආකාරය නාථ දේවාලය සහ එම බුදුමැදුර අසල පිහිටි 1903 ඉදිකර ඇති මෙම ගල් පිංතාලිය වන්දනාකරුවන් රැගෙන එන මල් සඳහා පැන් ලබාගැනීමට තබා ඇති එකකි.

එහෙත් එහි මැද පිහිටි කඳ වටා සුවඳකූරු දල්වා සහ ඒ වටා පහන් තබා කිළිටි කර ඇති ආකාරය කළු පැහැයෙන් දිස්වෙයි. මෙය කඩිනමින් පෙර ප්‍රතිසංස්කරණය කිරීමට නාථ දේවාල භාරකාරත්වය කටයුතු යොදා ඇත. (ලාල් ජයසුන්දර - අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දළදා මාළිගාවේ හරිත කලාපය යථාර්ථයක් වීමට නම් දළදා වඳින්නට එන ඔබට"

    Post a Comment