10 August, 2017

"රූප සුන්දරියන් ප්‍රදර්ශනය ඉස්ලාමීය නීතියට පටහැණියි"


ahaya-wearing-womens-islam
කාන්තා සිරුර ආවරණය කර තබා ගැනීමේ ඉස්ලාමීය සම්ප්‍රදාය
සිය භූමිය තුළ රූප සුන්දරී ප්‍රදර්ශන පැවැත්වීම තහනම් කරන ලෙස ඉල්ලා සිටිමින් පාකිස්තාන් ඉස්ලාමීය සංවිධානයක් මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.


පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ 'ෂුහදා' පදනම (Shuhada Foundation, ) නම් සංවිධානයක් විසිනි.

එම සංවිධානය පාකිස්තානයේ සුප්‍රකට රතු පල්ලියේ (Red Mosque) දැඩි මතධාරී ඉස්ලාමීය පූජක මවුලානා අබ්දුල් අසීස් සමඟ කටයුතු කරන ආයතනයකි.

'මිස් වීට් පකිස්තාන්' (Miss Veet Pakistan) යනුවෙන් නම් කරනු ලැබ ඇති රූප සුන්දරී ප්‍රදර්ශනය නතර කරනු ලැබීම එම සංවිධානයේ උවමනාවයි.

කාන්තා සිරුර ප්‍රදර්ශනය කරනු ලැබීම ඉස්ලාමීය සාරධර්ම වලට පටහැණි බව 'ෂුහදා' පදනමේ සභාපති තාරික් අසාද් කියා සිටියි.

විනිසුරු ෂෝකට් සිද්දිකි (Shaukat Siddiqui ) එම පෙත්සම භාරගෙන ඇති අතර අදාළ විභාගය අද (අගෝස්තු 09)ඉස්ලාමාබාද් මහාධිකරණය ඉදිරියේ ආරම්භ විය.

ලිංගික ආකර්ෂණය ඇති කිරීම සඳහා කාන්තා ප්‍රදර්ශන වලදී ඔවුන්ගේ සිරුරේ රෝම ඉවත් කරන මෙන් ඉල්ලා සිටිනු ලැබීම ඉස්ලාම් ෂාරියා නීතියට පටහැණි බව ඉස්ලාමීය පූජක මවුලානා අබ්දුල් අසීස් කියා සිටියි.(බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""රූප සුන්දරියන් ප්‍රදර්ශනය ඉස්ලාමීය නීතියට පටහැණියි""

    Post a Comment