01 April, 2017

දික්වැල්ල සහ මෙන්ඩිස් හදිසියේම පන්නල! (Photos)

” මේ නංගිලා මල්ලිලා කවුරුත් හිතන්න එපා අපි ප්‍රධාන පාසලක ලමයි නෙවෙයි කියලා. තමන්ගේ පාසල ලොකු තැනකට ගේන වැඩේ පටන් ගන්න. ගමනක් නිම කරනවාද කියන එක තීරණය වෙන්නේ අපි ගමන පටන් ගන්නවා ද කියන එකෙන්. ඔයාලා දැන් ගමනක් පටන් ගන්න හදනවා. ඒක ජය වෙන්න කියලා අපි හැමෝම සුබ පතනවා.”

නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි යොවුන් පිතිකරුවා මෙම අදහස් පල කලේ පන්නල ජාතික පාසලේ පැවති උත්සවකට ඊයේ සහභාගී වෙමිනි.

පන්නල ජාතික පාසල සහ එහි ආදි ශිෂ්‍ය සංගමය එක්ව ඊයේ මෙම සුවිශේෂි උත්සවය සංවිධාන කර තිබිණ. ඒ ලබන 04 වැනිදා හලාවත ආනන්ද විද්‍යාලය සමගින් තමන් සහභාගී වන පලමු විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගයට සහභාගී වන පන්නල ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතීම වෙනුවෙනි. මෙම අවස්ථාවට හදිසියේ සහභාගී වූ ක්‍රිකට් තරු කිහිපයක් නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම දරුවෝ ද විමතියට පත්වුහ. එසේම එය ඔවුන්ගේ මහත් ප්‍රබෝධයට ද හේතු වූ බව පෙනෙන්නට තිබිණ.

මෙලෙස එම ස්ථානයට පැමිණියේ අජන්ත මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ලංකා ද සිල්වා ( ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා කලමණාකරු), දර්ශන ගමගේ ( ජාතික වේගපන්දු සංචිතයේ පුහුණුකරු) ඇතුළු කිහිප දෙනෙකි. පාසලේ 99 සහ 2002 ආදි සිසු කණ්ඩායමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පැමිණීම සටහන් විය.

එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකු වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා මේ සදහා මූලිකව ක්‍රියා කර තිබිණ. ඩිල්ෂාන්ගේ පන්ති සගයෙකු වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා මානසික අභිප්‍රේරකයා ලෙස සැලකෙන භාතිය අර්ථනායක මෙම උත්සවය සංවිධාන කිරීමට වඩාත් උනන්දු වී තිබුණේ එය ක්‍රීඩකයින්ගේ මානසිකත්වය උපරිම තලයට ඔසවා තබන බවට පූර්ව විශ්වාසය පෙරදැරිවය.

“ඔයාලා සෙල්ලම් කරන්නේ මොන පාසලටද කියන එක අදාලම නෑ. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතා කුඩා පාසලේ ඉන්න දක්ෂතා ඇති දරුවන් පවා උඩට ගේන්න වැඩක් හදලා තියෙනවා. ගහන ක්‍රිකට් එක උපරිමයෙන් ගහන්න. ඔබවත්, ඔබේ පාසලත් උඩට ගේන්න ඒකෙන් පුළුවන්”. හිටපු ටෙස්ට් ක්‍රීඩක ලංකා ද සිල්වා මහතා සභාව අමතමින් කීවේය.

පන්නල ජාතික පාසල් කණ්ඩායමේ නිල ඇදුම වෙනුවෙන් මොබිටෙල් අනුග්‍රහය ලැබී තිබේ. එය මෙම අවස්ථාවේදී එලිදක්වනු ලැබිය. අජන්ත මෙන්ඩිස්ගේ හා දික්වැල්ල අතින් ක්‍රීඩකයින්ට ක්‍රීඩා භාණ්ඩ බෙදාදිමක් ද සිදුවිය. උත්සවයෙන් අනතුරුව ඔවුන් පන්නල ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු සැසියක් නිරීක්ෂණය කල අතර ක්‍රීඩකයින්ගේ වැරදි නිවැරදි කර ගැනීමට උපදෙස් ද ලබා දුන්හ.

ක්‍රිකට් ජනප්‍රිය කිරීම සදහා ක්‍රීඩකයින් මෙලෙස ස්ව කැමැත්තෙන් ජනතාව අතරට පැමිණීම අගය කල යුුුතුය. උත්සවය අවසානයේ ඔවුන්ට ජායාරූප ලබා ගැනීම සදහා දරුවන්ගේ ඉල්ලුම නිමක් නොවූ අතර, දික්වැල්ල මෙන්ම මෙන්ඩිස්ද දරුවන්ගේ ඒ ඉල්ලීම්වලට කිසිදු වෙහෙසකින් තොරව මුහුණ දුන්නේ සිහ නිහතමානීකම සිනහවෙන් හුවා දක්වමිනි.

Dikwella-Mendis-At-Pannala-01

Dikwella-Mendis-At-Pannala-02

Dikwella-Mendis-At-Pannala-03

Dikwella-Mendis-At-Pannala-04

Dikwella-Mendis-At-Pannala-05

Dikwella-Mendis-At-Pannala-06

Dikwella-Mendis-At-Pannala-07

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දික්වැල්ල සහ මෙන්ඩිස් හදිසියේම පන්නල! (Photos)"

    Post a Comment