11 April, 2017

හොර පෙම හසුවී කොස්තාපල්වරයෙකුගේ ශිෂ්ණය තියුණු ආයුධයකින් කපා දමලා

Penis cut-1

අනියම් සබඳබදතාවක් මත රහසඟ අනියම් බිරිඳ විසින් පිහියකින් කපා වෙන් කිරීම නිසා බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකු පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ පොලොන්නරුව පොලිස් අධිකාරී කොට්ඨාශයට අයත් පොලිසියක රථ වාහන අංශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම සිද්ධියට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා අවිවාහක අයෙකු බව පැවසේ. හෙතෙම හිඟුරක්ගොඩට ආසන්න ප්‍රදේශයක පදිංචි විවාහක දෙදරු මවක සමඟ කලක පටන් අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. එම හේතුව නිසා අදාල කාන්තාවගේ පවුල් ජීවිතයද දෙදරා ගොස් සැමියා හා දරුවන් වෙන්ව ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

මෙම සිදුවීමට පෙර දිනයක දී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කාන්තාව පදිංචිව සිටි නිවසට ගොස් ඇගේ අකමැත්තෙන් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවත් මේ නිසා කාන්තාව පොලිස් ‍නිලධාරියා සමඟ කිසියම් නොමනාපයකින් පසුවී ඇති බවත් සඳහන් වේ.

මෙකී කාන්තාව පොලිස් නිලධාරියාට අකමැතිවීම හේතුවී ඇත්තේ ඔහු තවත් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට තොරතුරු ලැබී ඇති නිසා බව ඇය පොලිසියට කරන ලද ප්‍රකාශයක සඳහන් වේ.

තත්ත්වය මෙසේ තිබියදී එකී පොලිස් නිලධාරියා ඇයගේ නිවසට පැමිණ පසුගිය දිනක නැවතත් ඇය සමඟ බලහත්කාරයෙන් ලිංගික සබඳතාවක් පැවැත්වීමට උත්සාහ දරා ඇති බවත් එහි දී දෙදෙනා අතර ඇතිවූ මත ගැටුමක් මත කාන්තාව විසින් පිහියක් රැගෙන පොලිස් නිලධාරියාගේ රහසඟ කපා දමා ඇති බවටත් කරන ලද මූලික විමර්ශන වලදී හෙලිවී තිබේ. 

කෙසේ වුවද තුවාල ලැබූ පොලිස් නිලධාරියා මුලදී පොලිසියට සඳහන් කර ඇත්තේ තමන් විසින්ම කිසියම් හේතුවක් මත එම ක්‍රියාව සිදුකරගත් බව යැයි හිඟුරක්ගොඩ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය. පසුව දෙදෙනාගේ ප්‍රකාශ වල පරස්පර තාවයක් ඇති බැවින් එහි සැබෑ තත්ත්වය අනාවරණය වූ බවද හෙතෙම කීය.

මෙම සිද්ධියට අදාල පොලිස් නිලධාරියා විසින් තමන් දූෂණය කිරීම මත මෙම ක්‍රියාව සිදුකළ බව ප්‍රකාශ කිරීම නිසා ඇයද රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

හිඟුරක්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද වෛද්‍යතිලක මහතාගේ උපදෙස් මත කාන්තා පොලිස් පරීක්ෂක සෙනවිරත්න, උප පොලිස් පරීක්ෂක ජයන්ත දසනායක යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වයි. (ලක්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හොර පෙම හසුවී කොස්තාපල්වරයෙකුගේ ශිෂ්ණය තියුණු ආයුධයකින් කපා දමලා"

    Post a Comment