දරුකමට හදාගත් දැරියක් තරුණ වියේදී දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර පියකු රුපියල් පනස් දහසක් වටිනා ශරීර ඇපමත මුදාහරින ලෙසද, වින්දිත තරුණිය පරිවාස නිලධාරිනිය මඟින් ඇගේ ඥාති සහෝදරියකට භාරදෙන ලෙසටද නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන සැකකාර පියකුට එසේ ඇප නියම කෙරුණු අතර අතවරයට පත් තරුණිය සමඟ කිසිදු සබඳතාවක් නොපවත්වන ලෙසටද සෑම මසකම අවසන් ඉරුදින මහරගම පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුට තවදුරටත් නියම කෙරුණි.
දූෂණයට ලක්ව ඇති බව කියන විසි හැවිරිදි තරුණියව මාස තුනේදී පමණ සිට මෙම පියා
විසින් හදාවඩා ගෙන ඇති බවද එසේ සිටින අතරතුරදී ඇය 17 හැවිරිදි වියේදී සිට එකී පියා විසින් දූෂණය කර ඇති බවද අනාවරණය විය.
සැකකාර පියාට තවත් දූ පුතුන් කිහිපදෙනකු සිටින බවද ඉන් එක් දියණියක් විවාහවීම සඳහා නිතර දෙවේලේ එම නිවෙසට ආවගිය පුද්ගලයකුද එම තරුණියට කිහිප අවස්ථාවකදී ලිංගික හිංසා සිදුකර ඇති බවද අනාවරණය කෙරිණ. සැකකරු දැනට ඇපමත මුදාහැර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

-කුමුදු උපුල් ශාන්ත_මව්බිම
Share this
|
|
0 Comment to "වයස 17 සිට හැදූ පියා සහ අක්කගේ පෙම්වතා අතින් දූෂණය වෙලා "
Post a Comment