දඬුවම් සමඟ දඩ නියම වූයේ සංඝමිත්තා මාවත අනුරාධපුර පදිංචි අයකුටය. විත්තිකරුට නියම කළ රුපියල් 5,000ක දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බව විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පැවැසීය.
වර්ෂ 2010 පෙබරවාරි 14 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී අනුරාධපුර පොලිස් වසමේ සංඝමිත්තා මාවතේදී සිය බාල සොයුරාට ඇඳ පොල්ලකින් හිසට පහරදී බරපතළ තුවාල සිදුකර ඔහු මරා දැමූ බවට නීතිපතිවරයා විසින්
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 (මිනීමැරීම) වැනි වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.
2010 පෙබරවාරි මස 14 වැනි දිනයේ අයියා සහ මල්ලී නිවෙසේ සිට ඇති බවත් පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් දෙදෙනා බහින්බස් වී විත්තිකරු නිවෙසේ තිබූ ඇඳ පොල්ලකින් සොයුරාගේ හිසට පහරදී බරපතළ තුවාල සිදුකර මරා දමා තිබූ බව පැවැති මූලික නඩු විභාගයේදී අනාවරණය විය.
මෙහි මූලික නඩු විභාගය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනුණු අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණය වෙත යොමුකර තිබිණි.

-අනුරාධපුර - මහේෂ් විජේසූරිය_මව්බිම

Share this
|
|
0 Comment to "මල්ලීට ඇඳ පොල්ලකින් ගසා මැරූ අයියාට වසර 11ක සිරදඬුවමක් "
Post a Comment