මෙම කාන්තාවගේ සැමියාද මේ සඳහා එක්ව ඇති අතර ඔහුගේ සහායද මෙයට ලැබී ඇත. කොල්ලකෑමේ යෙදෙන බිරියට රැකවරණය දෙමින් සැමියා ත්‍රිරෝද රියෙන් ඒ අසලට ගොස් සොරකම් කිරීමෙන් පසු ඇය සමඟ පලාගොස් ඇත.
ඉකුත් 2016 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා කිරිබත්ගොඩ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකට පාරිභෝගිකයකු ලෙස ඇතුළු වී එහි සේවය කළ තරුණියන්ට පිහියක් පෙන්වා
බියවද්දා ඔවුන්ගේ කනකර ආභරණ කොල්ලකෑම සිදුකළ මෙම කාන්තාව වැල්ලවත්ත, ක¼දාන, ජා ඇළ යන පොලිස් ස්ථානවලටද අවශ්‍යව සිටි සැකකාරියක බව හෙළිදරව් වී ඇත.
මීට දෙසතියකට පෙර මිරිහාන පොලිසියෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පැවැසීය.
මෙම කාන්තාව මත්කුඩු හා කොකේන් භාවිත කරන බවත් එයට හුරුවුණේ ඇගේ මහත අඩුකර ගැනීමට මත්කුඩු හා කොකේන් භාවිත කිරීමට ඉතාම හොඳ බවට මිතුරකුගෙන් ලද උපදෙස් නිසා බවත් ඇය පොලිසියට පවසා ඇත.

කැලණිය _ කුසුම් එස්. හැන්නදි_මව්බිම

Share this
|
|
0 Comment to "රූපලාවණ්‍යාගාරයට රිංගා කනකර කොල්ලකෑ කත අල්ලයි "
Post a Comment