27 January, 2017

තරුණියක් මවක් කළ නම හෙළි නොකරන ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

cricket-player-secret

අපි කියන්න යන්නේ ඉදිරියේදී දෙරණ නාලිකාවෙන් විකාශය වීමට නියමිත අලුත්ම ටෙලි නාට්‍යයක් ගැනයි.

ඒ ටෙලි නාට්‍යය ගැන අපි කියන්න කියලා හිතුවේ එහි තියෙන ඉතා සුවිශේෂීභාවය නිසයි.

මොකද සත්‍යය කතාවක් ඇසුරෙන් තමයි මේ ටෙලි නාට්‍යය නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් සත්‍යය කතා ඇසුරෙන් නම් ඕන තරම් ටෙලි නාට්‍යය නිශ්පාදනය වෙනවානේ. මේ ටෙලි නාට්‍යය නම් ඊටත් වඩා සුවිශේෂීභාවයක් තියෙනවා.

මොකද අපේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අතිශය පෞද්ගලික ජීවිතය ගැන උකහා දක්වන්න තමයි මේ නාට්‍යය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා තතුදත් ආරංචි කියන්නේ.

මේ ටෙලි නාට්‍යය නම් කරලා තියෙන්නේ “දෙවන ඉනිම“ කියලා.

මේ ප්‍රසිද්ධ ක්‍රීඩකයාගේ මේ වන විට ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න කෙනෙක්ද එහෙම නැතිනම් මේ වන විට කණ්ඩායමේ නැති කෙනෙක්ද කියලා ඔයාලම තමයි තීරණය කරන්න වෙන්නේ.

මොකද ඕනම දෙයක වීරයා හැංගුවම තමයි ඒ සිද්ධියේ තියෙන වටිනාකම ‍එහෙම නැතිනම් කුතුහලය ඇගට දැනෙන්නේ.

අපට ආරංචි වුණු විදියට සිද්ධිය මේකයි.

මේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා තරුණියක් එක්ක හුටපටයක් තිබිලා තියෙනවා. කොහොම හරි කාලයක් මේක තිබිලා තියෙනවා.

හැබැයි ඉතින් මේ පෙම් හුටපටයට ගිනියම් වෙන්න වැඩි කාලයක් ගිහින් නෑ. මොකද දන්නවද ඒ? මේ ක්‍රීඩකයා නිසා තරුණිය ගැබ් අරගෙන තියෙනවා.

ඔන්න පත්තුවෙලා තියෙන්නේ ඊට පස්සේ තමයි. මේ ක්‍රිකට් ක්‍රීඩකයා උපරිම උත්සහයක් අරගෙන තියෙනවා මේ දරුගැබ ඉවත් කරගන්න. හැබැයි මේ තරුණිය නම් ඒ වැඩේ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරලා.

මේ ක්‍රිකට් ක්‍රීඩකයා විතරක් නෙවෙයි. තරුණිය දන්න කියන අය පවා මේ දරුගැබ ඉවත් කර ගන්න කියලා ඒ දවස්වල දැඩි ලෙස දෝෂාරොපණය කරලා. හැබැයි ඒ තරුණිය නම් කොහොමත් තීරණය වෙනස් කරගෙන නම් නෑ. ඒක නිසා මේ ප්‍රසිද්ධ තරුව ඒ දවසවල ලොකු අපහසුතාවයකට පත්වෙලා.

මේ ටෙලි නාට්‍ය යේ නම් මේක ඇත්ත සිද්ධියක් කියලා නෑ. හැබැයි ඔන්න අපි දන්නවා මේ ටෙලි නාට්‍ය යේ තියෙන සිද්ධිය ඇත්තම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිදුවීමක් කියලා.

කොහොම හරි ඔන්න දැන් ටිකක් කුතුහලයක් එනවා නේද? මේ කෙල්ලව අමාරුවේ දාපු ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා දැනගන්න. මේ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා හරියටම ස්ථීර වුණු දවසට අපි අනිවාර්යයෙන් ඔයාලට කියනවා.

මේ ටෙලි නාට්‍යය පෙබරවාරි 6 දා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 8.25ට විකාශය වෙන්නේ. “සිදූ“ ටෙලි නාට්‍යයට පස්සේ ලොකු පෙරළියක් වෙන ටෙලි නාට්‍යයක් වෙයි කියලා නම් අපිට තේරෙනවා.

එම ටෙලි නාට්‍ය යේ වීඩියොවක කොටසක් පහතින් බලන්න.




-වෙබ් ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරුණියක් මවක් කළ නම හෙළි නොකරන ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?"

    Post a Comment