23 January, 2017

මැසේජ් වලින් ශරීරයේ එක එක තැන්වල මිනුම් මැනලා ගත්තා, ඒ හැම තැනකම ෆොටෝ අරන් මම එයාට යැව්වා

girl-fasion-with-camera

"ඒ ඇඳුම ඇඳලා බලන්න හදනකොටම ඒ මනුස්සයා ඇවිත් මාව බදාගෙන අතින් කට තද කරලා වැහුව්වා"

"ඔයා එවපු පින්තූර සේරම මගේ ළඟ තියෙනවා."

පාසල් යන කාලේ සිසු සිසුවියන් කරන කියන දේවල් වලට මව්පියන් විරුද්ධ වෙද්දී ළමයි හිතන්නේ අම්මලා තාත්තලා වැරදියි කියලානේ.

ඒ වගේම දරුවන් හෙට ලෝකයට මුහුණ දෙන්න නම් නව තාක්ෂනය ගැන දැනුමක් තියෙන්න ඕන.

මේ නිසයි දරුවන් පාසල් අධ්‍යාපනයට අමතරව පරිගණක පන්ති යවලා හෙට ලොව දිනන්න මව්පියන් මඟ පෙන්වන්නේ.

නමුත් ඉතින් දරුවන් ඒ නව තාක්ෂණය සමඟ ගණුදෙනු කරද්දී වැඩිහිටියන් ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න ඕන.

එහෙම නැතිවුණොත් දරුවන්ගේ ජීවිත කඩා වැටෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නැහැ.

ඉතින් ඒ වගේ සමාජ ජාල වෙබ් අඩවියක් වූ Facebook මගින් හඳුනාගත් යහළුවකුට රැවටී විනාශ වෙන්න ගිය ජීවිතයක් 99න් ගැලවුණු හැටි සතිඅන්ත පුවත්පතක සඳහන් වෙලා තිබුණා.

මේ කියන සිද්ධියට මුහුණ දෙන්නේ අවුරුදු 16ක තරම් පුංචි පාසල් සිසුවියක්.

ඉතින් ඇයගේ මව ලංකාවේ රැකියාවක් කරපු කෙනෙක් වූ අතර පියා විදෙස් රටක රැකියාවක් කළා.

මේ නිසා ස්මාර්ට් ෆෝන්, පරිගණක සහ ටැබ් වැනි නව තාක්ෂණික උපකරණ වලින් පියුමිට අඩුවක් වුණේ නැහැ.

පාසල් කාලේදී යහළුවන් එක්ක සෙල්ලම් කරන්න යන පියුමිට ඒ අවශ්‍යතාව ඇතිවෙලා තිබුණේ ටික කාලයයි.

ඒ මොකද කියලා කියනවා නම් ඇයගේ පියා විසින් රට ඉඳන් සමාර්ට් ෆෝන් සහ පරිගණක වගේ දේවල් පියුමිට එවලා තිබුණු නිසා.

පාසල් ගිහින් ඉවරවෙලා ගෙදර එන පියුමි පොත් ටික පැත්තකට දාලා ඉවරවෙලා කරන්නේ කොම්පියුටර් එක හරි එයාගේ සමාර්ට් ෆෝන් එක හරි අරගෙන අන්තර්ජාලයේ සැරිසරන එක.

ඉතින් පියුමිට මේ නව තාක්ෂණය නිසා වෙච්ච කරදරය මෙලෙස ඇය විසින්ම කියලා තිබුණා.

"මගේ තාත්තා තමයි මට මුලින්ම කොම්පියුටරයක් අරන් දුන්නේ. එතකොට මම ඉගෙන ගත්තේ 10 පන්තියේ.

කොම්පියුටරය පාවිච්චි කරන්න දැනුමක් තිබුණේ නැති නිසා අම්ම මම කොම්පියුටර් පන්තියකට යැව්වා. ඒකේන් ගොඩාක් දේවල් ඉගෙන ගනිද්දී මම නිකම්ම සයිබර් අවකාශය වෙත ඇදිලා ගියා."

එක එක වර්ගයේ කාටුන් චිත්‍රපට, විවධ ගේම් වගේ දේවල් තමයි මගේ ජිවිතේ වුණේ.

මෙහෙම කාලය ගතවෙලා යදි තමයි පියුමිට facebook කියන සමාජ ජාල වෙබ් අඩවිය හඳුනා ගන්න පුළුවන් වෙන්න. ඇය ඒ සඳහා යොමුවෙන්න් මෙලෙසයි.

"ටික කාලයක් යද්දී මට යහළුවෙක් කියලා දුන්නා Facebook ගිණුමක් හදාගන්න විදිය. මම ඒක පාවිච්චි කළේ අම්මට හොරෙන්.

මම 10 පන්තියෙන් 11 වසරට යද්දී තාත්තා මට සමාර්ට් ෆෝන් එකක් අරන්දුන්නා.

ඉතින් අම්මා ඒකට තදින්ම විරුද්ධ වෙච්ච නිසා තාත්තා මැදිහත් වෙලා ඒ ආශාවට ඉඩ දුන්නා.

ඒ වුණාට ගෙදරදී අම්මා ෆෝන් එක පාවිච්චි කරන්න දුන්නේ නැහැ. පන්ති යද්දී තමයි ෆෝන් එක අරන් යන්න දුන්නේ.

කාලයක් ගතවෙද්දී යහළුවොත් එක්ක චැට් කරන්න ගත්තා, පින්තූර හුවමාරු කරගත්තා. ඒ අතරේ ප්‍රේම ආරාධනා එහෙමත් ලැබුණා. නමුත් ඒ ඒ දේවල් ටික දවසයි."

මෙහෙම යහළුවන් එක්ක Facebook එකේ කාලය ගෙවිලා යද්දී තමයි පියුමිට මිතුරු ඇසුරකට ආරාධනා කරලා මිතුරු ඇරයුමක් ලැබෙන්නේ.

ඒ ඇරයුම ලැබෙන්නේ ගැහැණු ළමයෙකුගෙන්. ඒ ළමයා එයාගේ පින්තූර එහෙම Facebook දාලා තිබුණු අතර මෝස්‌තර නිර්මාණ ශිල්පිණියක් ලෙස තමයි පියුමිට හඳුන්වලා දීලා තිබුණේ.

"ඒ අක්කා නිතරම මාත් එක්ක කථා කළා. මම ඒ අක්කා ගැන යහළුවන්ටත් කියලා තිබුණා.

මගේ Facebook එකේ දාල තියෙන මගේ පොටෝ ගොඩාක් ලස්සනයි කියලා එයා මට නිතරම කිව්වා.

මගේ පින්තූර යහළුවන්ගේ ෆෝන් වලින් අරගෙන ඒ අක්කාට යැව්වා.

එයා එක දවසක් මට කිව්වා මාව බලන්න ආසයි කියලා. කථා කරන්න ඕන කියලත් කිව්වා. ඔයාට මම ලස්සන ඇඳුමක් හදලා තියන්නම්.

එන්න ඔයා අපේ ෂොප් එකට කියලා දවසක් ඒ අක්කා මට කිව්වා. මගේ මුහුණ එයාට බලන්න ඕන කියලා කිව්වම එක දවසක් වීඩියෝ කෝල් වලින් එයා එක්ක කතා කළා.

ඒ වුණත් එයා මං එක්ක වචනයක්වත් කතා කළේ නැහැ. එයා ඉන්න තැන අඳුරුයි කියලා මුහුණ පෙන්නුවෙත් නැහැ. එයාගේ පොටෝ එහෙම දාලා තිබුණු නිසා මම එයාව විශ්වාස කළා."

ඉතින් මේ වගේ ඒ අක්කා එක්ක ඇසුරක් පවත්වාගෙන යද්දී පියුමිට හදලා දෙනවා කිව්ව ඇඳුම හදන්න ඇයගේ ශරීරයේ මිනුම් ඉල්ලලා තිබුණා.

"ඒ අක්කා මට හදන ඇඳුමට මිනුම් එවන්න කියලා තනපටයේ පොටෝ එකක දාන්න කියලා මට කිව්වා.

ඉතින් මම ඒ ගැන වැඩිය හිතුවේ නැහැ. මම තනපටියේ පොටෝ එකක් අරගෙන එයාට යැව්වා.

මැසේජ් වලින් ශරීරයේ එක එක තැන්වල මිනුම් මැනලා ගත්තා. ඒ හැම තැනකම ෆොටෝ අරන් මම එයාට යැව්වා. "

ඉතින් කාලයක් යද්දී පියුමිට හදපු ඇඳුම ගන්න කියලා ඒ අක්කා එයාට කියලා තිබුණා.

ඉතින් ඒ කාලේ වෙද්දී ඒ අක්කා ගැන හොඳ පැහැදීමක් තිබුණ නිසා පියුමිත් ඒ අක්කා බලන්න යන්න සූදානම් වුණේ ඇයගේ යහලුවෙකුත් එක්ක.

ඉතින් පියුමි ඇඳුම ගන්න අම්මටත් හොරෙන් යහළුවෙකුත් එක්ක ගිහින් තිබුණා.

"අපි දෙන්නා ඒ රෙදි ෂොප් එකට යද්දී හිටියේ මැදි වයසේ මනුස්සයෙක්. මම facebook එකේ තිබුණු නම කියලා ඇඳුම අරගෙන යන්න ආවේ කියලා කිව්වා.

ඉතින් ඒ වෙලාවේ ඒ මනුස්සයා අපට කිව්වේ මැඩම් නම් මේ වෙලාවේ නැහැ. ඒ වුණත් ඇඳුම හදලා තියෙන්නේ කියලා.

එහෙම කියලා ඒ ෂොප් එකේ දොර වහලා අපිව ඇතුළට ගනිද්දී බයත් හිතුණා. මැඩම් නැති වෙලාවට ගැහැණු ළමයි එනවා කරදරයි.

ඒ නිසා කියලා තමයි දොර වැහුව්වේ කියලත් අපිට කිව්වා. එහෙම කිව්ව මනුස්සයා යහළුවා පහළ තට්ටුවේ තියලා මාව අතින් අල්ලාගෙන උඩ තට්ටුවට ගෙනිච්චා.

ඒ වෙලාවේ මට ටිකක බය හිතුණා.

ඊටපස්සේ මට තිරයක් දාපු තැනක් පෙන්නලා ඇඳුමකුත් දීලා කිව්වා මේ ඇඳුම දාලා බලන්න කියලා.

මම ඒ ඇඳුම ඇඳලා බලන්න හදනකොටම ඒ මනුස්සයා ඇවිත් මාව බදාගෙන අතින් කට තද කරලා වැහුව්වා.

මම අඬලා කිව්වා මට යන්න දෙන්න කියලා. ඒ වෙලාවේදී තමයි මට ඇත්ත තේරුණේ."

පියුමි මෙතෙක් කල් රැවටිලා තියෙන්නේ ගැහැණු කෙනෙක් කියලා කිව්වා මේ පිරිමි මනුස්සයාට. ඒ වෙලාවේදී තමයි මේ දේවල් ඔහු පියුමිට කියලා තිබුණේ.

"ඔයා එවපු පින්තූර සේරම මගේ ළඟ තියෙනවා. ඒ සේරම දේවල් ගෙදරට එවනවා. ඒ නිසා මේ දේවල් කාටවත් කියන්න එපා කියලා මාව බය කළා.

දිගටම ඒ විදියට මැසේජ් කරන්න කියලා කිව්වා. ඉතින් එතනින් පැන ගන්න ඕන නිසා ඔහුගේ වදන් වලට මම අවනතවුණා.

කොහොමහරි 99න් ජීවිතය බේරාගෙන මම ගෙදර ආවා. එදා මට එළිවෙනකම් නින්ද ගියේ නැහැ.

ඒ ගැන කල්පනා කරලා මම මානසික රෝගියෙක් වුණා. ඒක අම්මට දැනෙන්න ගත්තා. ඒ නිසා මට දේවල් අම්මට කියන්න සිද්ධවුණා.

අම්මා මට බැන්නේ නැහැ. කරදරයක් නැතිව ජීවිතය බේරුණොත් ඇති කියලා අම්මා කිව්වා."

ඉතින් පියුමි ජනප්‍රිය මෝස්‌තර නිර්මාණ කරන අක්කා කියලා රැවටිලා තියෙන්නේ මැදි වියේ සිටි මනුස්සයෙකුට.

නමුත් නීතියේ පිහිටෙන් ඇය වෙන්න ගිය ලොකු කරදරයක් බේරගෙන තිබුණේ නියම ඇත්ත සිය මවට කිව්ව නිසා.

මේ නිසා නව තාක්ෂණය මගින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ගණුදෙනු කරද්දී ඒ ගැන දැනගෙන වැඩ කරන්න ඕන. නැත්නම් හිතුවෙවත් නැති විදියට ජීවිතය විනාශ වෙන්න පුළුවන්.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මැසේජ් වලින් ශරීරයේ එක එක තැන්වල මිනුම් මැනලා ගත්තා, ඒ හැම තැනකම ෆොටෝ අරන් මම එයාට යැව්වා"

    Post a Comment