
යක්කලමුල්ල මාකුඹුර ප්‍රදේශයේ මවක පුතා විසින් තම යතුරුපැදිය පැහැර ගෙන කෑලි ගැලවූවේ යැයි යක්කලමුල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වූ යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති දමිත් පෙරේරා මහතා පැමිණිලිකාර මවගේ පුතා සැකපිට (28) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණවලදී
අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු මව විසින් කුඩා කාලයේ සිට අතහැර වෙනම ජීවත් වී ඇති බවයි. මෙම සැකකාර තරුණයා ආච්චි සමඟ වෙනම ජීවත් වී ඇති අතර වසර ගණනකට පසුව මෙම තරුණයාගේ මව මෙම තරුණයා ජීවත් වූ නිවෙසට පැමිණ පදිංචි වී ඇත.
පසුව මෙම සැකකාර තරුණයා හා මව අතර නිතර විවිධ ආරවුල් සිදු වී ඇති බව වාර්තා වේ. පොලිස් පරීක්ෂණවලදී යතුරුපැදිය හා ගැලවූ කොටස් හමු වී ඇත. සැකකරු පසුගියදා (23දා) ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැර ඇත. (යක්කලමුල්ල - දමිත් සඳනුවන් කීර්ති - මව්බිම)
Share this
|
|
0 Comment to "අම්මාගේ යතුරුපැදියේ කෑලි ඉස්සූ පුතා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරේ"
Post a Comment