
සහෝදරයාගේ බිරිය විසින් මුඛයේ යටි තොල සපා කා බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ඊයේ (26දා) මහනුවර මහ රෝහල වෙත මාරුකර යැවූ බව කෑගල්ල රෝහල් පොලිසිය කියයි.
මෙලෙස මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ පිංදෙණිය පොලිස් වසමේ මොරොන්තොට, ලාහුපන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි විවාහක කාන්තාවකි. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ වැඩිමහල් සහෝදරයෙක් රඹුක්කන පොලිස් වසමේ නවගමුව ප්‍රදේශයේ පදිංචිව සිටී.
ඔහු බැලීමට පෙරේදා (25දා) මේ
කාන්තාව නවගමුවේ නිවෙසට ගොස් ඇති අතර පෙරේදා රාත්‍රි 7.30ට පමණ මෙම කාන්තාවගේ සහෝදරයාගේ බිරිය සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බව පොලිසිය කියයි.
පසුව සහෝදරයාගේ බිරිය කාන්තාවගේ මුඛයේ යටි තොල සපා කෑමෙන් පසු කැඩී ගිය කෑල්ල සමඟ සහෝදරයා විසින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකාරිය ඊයේ (26දා) උදේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යැවූ බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව රඹුක්කන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
දමුණුපොළ - චමින්ද ජයලත් (මව්බිම)
දමුණුපොළ - චමින්ද ජයලත් (මව්බිම)
Share this
|
|
0 Comment to "අයියා බැලීමට ගිය නංගිගේ තොල නෑනා හපාකාලා"
Post a Comment