05 January, 2017

ලංකාවේ පළමු වතාවට මරණීය දණ්ඩනය හිමිවූ අයෙක් උපාදියක් ලබා ගනී

first-time-person-sentenced-to-death-graduated-obtain1


first-time-person-sentenced-to-death-graduated-obtain2

බන්ධනාගාර ඉතිහාසයේ පළමු වරට මරණීය දණ්ඩනය හිමිවූ පුද්ගලයෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන තිබෙනවා.

එම උපාධිය ලබාගෙන ඇත්තේ මොහොමඩ් ෂියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක්.

බී.ඒ. ලක්මිණ ඉන්දික බමුණුසිංහ නම්වූ ඔහු මරණීය දණ්ඩනයට ලක්වන විටශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියේ පළමු වසර අවසන් කර තිබූ බවද සඳහන්.

වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්වරුන්ගෙන් එම උපාධියේ දෙවැනි හා තෙවැනි වසර දේශන සඳහා සහභාගි වීමට තමන්ට අවස්ථාව ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් එම දේශන සඳහා සහභාගි වීමෙන් පසුව ඔහු මෙම උපාධිය හිමි කරගෙන තිබෙනවා.

මේ ගැන බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතාගෙන් සිදුකළ විමසීමේදී කියා සිටියේ මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ මින් පෙර මෙවැනි දුර්ලභ සිද්ධියක් සිදුව නොමැති බවයි.

මෙරට පැවැති ප්‍රසිද්ධ නඩුවකින් මරණීය දණ්ඩනයට ලක් වූ පුද්ගලයකු සමස්ත ජීවිතයම කඩා නොගෙන ස්වෝත්සාහයෙන් මෙවැනි උපාධියක් ලබාගැනීම සෙසු සිරකරුවන්ටද වටිනා ආදර්ශයක් වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මරණීය දණ්ඩන හිමිව තිබෙන ඉන්දික බමුණුසිංහගේ උපාධි ප්‍රදානෝත්සවය අද (5දා) පෙ.ව. 8.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලංකාවේ පළමු වතාවට මරණීය දණ්ඩනය හිමිවූ අයෙක් උපාදියක් ලබා ගනී"

    Post a Comment