සොඳුරු අතීතය ප්‍රසංගය මෙවරත් පැවැත්වෙනවා. ඔබ දැන් ප්‍රසංගය සඳහා සූදානම් ද?
ඔව්. මේක මගේ ප්‍රසංගය. මේ 17 වැනිදා මහරගම යොවුන් රඟහලේ ප්‍රසංගය පැවැත්වෙනවා. සුපුරුදු විදියටම මම මගේ ගීත ගායනා කරනවා. ඒ නිසා මට ප්‍රසංගය වෙනුවෙන් විශේෂ සූදානමක් වෙන්න අවශ්‍ය නැහැ.
මෙවර ප්‍රසංගය වෙනදාට වඩා විශේෂයිද?
අපිට ඕන ගීතවලට වඩා ප්‍රසංගය කරන අයගේ ගීත තේරීම්වලට මෙහිදී ඉඩ දෙනවා. ඒ ගීත අතර එයාලා තෝරන හොඳම ගීත අපි තෝරාගන්නවා. කොහොමත් ගීත 25 - 26 ක් වගේ තමයි ප්‍රසංගයේ දී ගායනා වෙන්නේ. මේ අතර ගායනා කරන්න බැරි වෙන ගීත 4ක් - 5 ක් විතර අරන් ඒ ගීත කොටස් කීපයක් එක දිගට ගායනා කරනවා. මේක අපේ රටේ ප්‍රසංගයක් නිසා ව්ධද - ඉබධන වෙනුවට අවිරාම ගී කියලා නමක් දැම්මා. එවිට එක ශ්‍රාවකයෙක් බලාපොරොත්තු වන ගීයක් මුල් ගීත 26 අතර නැතත් අවිරාම ගී අතර තියෙන්න ඉඩ තිබෙනවා.
ප්‍රසංගය කොළඹදී පැවැත්වෙන්නේ කාලයකට පසුව නේද?
ඒක ඇත්ත. එක නගරයක යම්කිසි ප්‍රසංගයක් තියෙනවා නම් ඒ අතරතුර කාලයේ මම වෙනත් ප්‍රසංගයකට සහභාගි වෙන්නේ නැහැ. එහෙම කළාම මගේ ප්‍රසංගය කරන අයට ඒක ලොකු අසාධාරණයක් වෙනවා. ඒ නිසා ප්‍රසංගය පැවැත්වෙනතුරු මම කොළඹ ප්‍රදේශයේ වෙනත් ප්‍රසංගයකට සහභාගි වෙන්නේ නැහැ. ඒ නිසා කාලෙකට පස්සේ කොළඹදී මම ප්‍රසංගයකට සහභාගි වෙනවා කියන කතාව ඇත්තක්.
ප්‍රවීණයන් අලුත් නිර්මාණ බිහි කරන්නේ ඉඳහිට. එය ප්‍රසංගයක් පැවැත්වීමේදී ගැටලුවක් වෙලා තියෙනවද?
නැහැ. යහපත් ශ්‍රාවකයා දන්නවා අපි කවුද කියලා. මේක සෙල්ලමක් නෙවෙයි. දැන් ගීත ගායනය පටන් අරගෙන අවුරුදු හතළිස් පහකට වැඩියි. ඒ ගමන අපි ආවේ හෙමින්. හැම තත්පරයක්ම අපි ප්‍රයෝජනයට ගන්නවා. අපි පද රචනය ගැන හිතනවා. වැරැදි වචන වැරදි සංගීතය අපි සමාජගත කරන්නේ නැහැ. ඒ නිසා අපි කාලය අරගෙන හොඳ දේ කරන බව අපේ ශ්‍රාවකයා දන්නවා. හදවතට, මනසට ගෝචර වන යහපත් දේ අපි සමාජයට දෙනවා.
සුබ සාධක සංගමයකට ආධාර පිණිස කරන මෙම ප්‍රසංගයෙන් ඔබත් යම් කිසි ආදායමක් බලාපොරොත්තු වෙනවද?
අපේ "සොඳුරු අතීතය" ට දායක වන
විශාල පිරිසක් ඉන්නවා. මගේ යුග ගායන ශිල්පිනිය, ප්‍රසංගය හසුරුවන වසන්ත රෝහණ, සංගීත කණ්ඩායම, ශබ්ද විකාශන කටයුත්ත කරන කසුන් ප්‍රියංග ඇතුළු මේ සියල්ලන්ටම මම ගෙවන්න ඕනනේ. මට ආදායමක් නැතත් මම මේ අයට සාධාරණයක් කළ යුතුයි. ඒ නිසා යම් මුදලක්, ආදායමක් බලාපොරොත්තු වෙනවා.
ඒක පුද්ගල ප්‍රසංගයක් විදියට ද මේ ප්‍රසංගය පවත්වන්නෙත්?
මේක ඒක පුද්ගල ප්‍රසංගයක්. යුග ගායනා සඳහා දුලාංජලී සංකල්පා දියණිය සහභාගි වෙනවා. ඇය කේමදාස පදනමේ අධ්‍යාපනය ලැබූ දක්ෂ ගායන ශිල්පිනියක්".
ප්‍රසංගයට සහාය ලබාදෙන අය කවුද?
සැලසිනේ ආයතනය මට ප්‍රසංගය සඳහා සහාය ලබාදෙනවා. නිවෙසටම ඇවිත් සියල්ල කතා බහ කරල දුන්නා. ඒ අය සමඟ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීම හරිම පහසුයි. සියල්ල හොඳින් සැලසුම් කරලා තිබුණා. මාර්තු 17 වන දින සවස 6.30 ට මහරගම යොවුන් රඟහල ප්‍රසංගය සඳහා වෙන්කරගෙන තිබෙනවා. මම බොහොම දුරබැහැර ප්‍රදේශවල ප්‍රසංගවලට සහභාගි වුණා. එහිදීත් හොඳ ප්‍රතිචාර ලැබුණා. සැලසිනේ ආයතනය සමඟ කරන මේ ප්‍රසංගයටත් ඉහළ ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා.
ප්‍රවීණ ශිල්පීන්ගේ ප්‍රසංග රැසක් පැවැත්වෙනවා. ඒ අතර සොඳුරු අතීතය තව තවත් රසිකයන් අතරට ගෙන යා හැකිවෙයි ද?
ආවට ගියාට මේ ප්‍රසංගය කරන්නේ නැහැ. අපි 2013 වසරේ මියුසියස් විද්‍යාලයේ ප්‍රසංගයක් කළා. මේ ප්‍රසංගයෙන් පසුව කාලයක් යනතුරු මම මේ ප්‍රසංගය කොළඹ කරන්නේ නැහැ. රසිකයාගේ රසඥතාවට හානි නොවන පරිදි ප්‍රසංගය කළ යුතුයි. එක දිගට ප්‍රසංගය කරනවාට වඩා සෙමින් ගමනක් යෑම සාර්ථකත්වයට හේතු වනවා. ඒ නිසා රසිකයන්ට මාව එපා වෙන්නේ නැහැ. ඔවුන් ඒ කාලසීමාව තුළ නැවත මම ගී ගයන බවට බලාපොරොත්තු වෙනවා.
අලුත් ගීතයක් ප්‍රසංගය හරහා රසිකයන් වෙත ලබා දෙන්න අදහසක් තියෙනවාද?
නැහැ. අලුත් ගීතයක් එලෙස හඳුන්වාදීම බුද්ධිගෝචර නෑ. එය කළ යුතු වන්නේ මාධ්‍ය හරහායි. නවීන තාක්ෂණය හරහා එය සමාජගත කළ හැකියි. ප්‍රසංගයකදී සහභාගි වන ප්‍රමාණය සීමිතයි. නමුත් සමාජ මාධ්‍ය හරහා විද්‍යුත් මාධ්‍ය හරහා ගීතයක් ප්‍රචාරය කළ විට වැඩි පිරිසක් අතරට ගීතය අරගෙන යන්නට පුළුවන්.
ඔබේ ඉදිරි වැඩකටයුතු පිළිබඳවත් කියමු නේද?
ආරාධනා ලැබුණාම ප්‍රසංගවලටත් සහභාගි වෙනවා. අපිට ජීවිතය ගෙනියන්න ආදායමකුත් ඕනනේ. එයට අමතරව බොහෝම සතුටින් ජීවත් වෙනවා.
-හංසි ආටිගල_මව්බිම

Share this
|
|
0 Comment to "මහරගම යොවුන් රඟහලේදී සොඳුරු අතීතය දිග හැරේ "
Post a Comment