ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
පසුගිය කාලය තුළ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපයන්, මහජන අප්‍රසාදයට ලක්වීම සහ අකාර්යක්ෂම අමාත්‍යවරුන් පිළිබඳ අවධානය යොමුකළ ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඇමති මහින්ද අමරවීර මහතා 'සිළුමිණ'ට ප්‍රකාශ කර ඇත.
ඒ අනුව පවතින චෝදනාවල සත්‍ය අසත්‍යතාව, අකාර්යක්ෂමතාව මත පවතින අමාත්‍යාංශ ඕනෑම අවස්ථාවක වෙනස්වීමේ හැකියාවක් පවතින බව ද ඇමතිවරයා අවධාරණය කර තිබේ.
අගමැතිට මුදල් බාර ගන්න කියලා
'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වන පරිදි, මෙවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත්තේ විශේෂයෙන් මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් පැනනැගී ඇති
බරපතල විරෝධතා හේතුවෙනි.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර යහපාලන කැබිනට් මණ්ඩල තනතුරු පත්කිරීම සම්බන්ධයෙන් පවතින එකඟතාවය අනුව, මුදල් අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට හිමිය.
බොහෝ කලක් එක් අමාත්‍යවරයකු යටතේ පැවති මුදල් අමාත්‍යංශය මේවනවිට අගමැතිවරයා, රවී කරුණානායක හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන් යටතේ කොටස් තුනකට වෙන්කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ලොතරැයි ආයතන දෙක හා මුදල් අමාත්‍යංශ ගොඩනැගිල්ල පමණක් මුදල් ඇමති රවී කරුණානායක මහතාට හිමිව පවතින අතර, මුදල් අමාත්‍යංශය සතුව තිබු රාජ්‍ය බැංකු, රක්ෂණ ආයතන ඇතුළු වානිජ්‍ය ආයතන රාශියක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හෂීම් මහතා යටතට පත්කර තිබේ.
එසේම, මහ බැංකුව ඇතුළු රජයේ සියලු මුල්‍ය ආයතන මෙහෙයවීම අගමැතිවරයා යටතේත් මේවනවිට ක්‍රියාත්මකවේ.
මෙම තත්වය යටතේ මේ සියලු වගකීම් මුදල් අමාත්‍යංශය එක්කර එම අමාත්‍යංශය අගමැතිවරයා යටතට ගන්නා ලෙස ජනාධිපතිවරයා, අගමැතිවරයාට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මුදල් ඇමති ලෙස රවී කරුණානායක මහතාට චෝදනා එල්ල වුවද ඔහු දැනට එහි නාමික ඇමතිවරයා පමණක් වන අතර මුදල් අමාත්‍යංශයට අදාල බොහෝ කටයුතු මෙහෙයවනු ලබන්නේ අගමැතිවරයා උපදේශකයින් වන පාස්කරලිංගම් මහතා හා චරිත රත්වත්තේ යන දෙදෙනා විසින් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
-සිළුමිණ

Share this
|
|
0 Comment to "'ඇමැති මාරුවක් අත ළඟ' "
Post a Comment