13 March, 2017

අනාරාධිත අමුත්තෙක්‌ ධවල මන්දිර අංගනයේ

whitehouse security

උරමල්ලක්‌ රැගෙන ධවල මන්දිර අංගනයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇමරිකානු රහස්‌ ඔත්තු සේවය පවසයි.

එම පුද්ගලයා සිකුරාදා මධ්‍යම රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්‌ථාවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්
ට්‍රම්ප් ධවල මන්දිරයේ රැඳී සිටි බවත් ඇමරිකානු රහස්‌ ඔත්තු සේවය කියා සිටියේය.

ඔහුගේ උරමල්ල තුළ තිබී සැකසහිත කිසිවක්‌ සොයාගෙන නොමැත.

ආරක්‌ෂක අංශ ඒ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සහ අභ්‍යන්තර ආරක්‌ෂක ලේකම් ජෝන් කෙලී දැනුවත් කොට තිබේ.

අදාළ සිදුවීමෙන් අනතුරුව ආරක්‌ෂක නිලධාරීන් විසින් ධවල මන්දිර භූමිය පරීක්‌ෂා කරනු ලැබ ඇත. ධවල මන්දිර භූමියට පුද්ගලයකු අනවසරයෙන් ඇතුළු වූ පළමු අවස්‌ථාව මෙය නොවේ.

_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "අනාරාධිත අමුත්තෙක්‌ ධවල මන්දිර අංගනයේ "

    Post a Comment