30 January, 2017

ගල්කිස්ස වෙරළේ රුසියන් කත දැක පොලිසියෙ 2ක් සිල් බිඳගනිති

තගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියන් ජාතික කාන්තාවකට ලිංගික අතවර සිදුකළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයට අනුයුක්ත රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් කොස්තාපල් රියැදුරකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවෙන් මිදී පලා යෑමට උත්සාහ දරා ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මොවුන් මිරිහාන සහ කන්තලේ යන ප්‍රදේශවල පදිංචි 27 සහ 47 හැවිරිදි තැනැත්තන් බවද පොලිසිය පවසයි.

රුසියන් ජාතික කාන්තාවගේ දැනුම් දීමකට අනුව වෙරළ ආරක්‍ෂක තීරයේ ජීවිතාරක්‍ෂක නිලධාරීන්ගේද සහාය ඇතිව මේ අත්අඩංගුවට ගැනීම පෙරේදා (28දා) සිදුකර ඇත.

සැකකරුවන් දෙදෙනා ඊයේ (29දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයා ලබන මස 9 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර පොලිස් කොස්තාපල් රියැදුරු ශරීර ඇප මත මුදාහැර තිබේ.

rape-two-guys

චාමර අමරසූරිය_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගල්කිස්ස වෙරළේ රුසියන් කත දැක පොලිසියෙ 2ක් සිල් බිඳගනිති "

    Post a Comment