මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ එම ව්‍යාපාරිකයාගේ වෙළෙඳ සලේ සේවය කරන කාන්තාවකගේ දියණියක්.
පොලිසිය පවසන්නේ සැකකාර ව්‍යාපාරිකයාට 13 හැවිරිදි පුතකු හා අවුරුදු 2 1/2 ක දියණියක්‌ද සිටින බවයි.
සිය 14 හැවිරිදි දියණිය අතුරුදන් වී ඇති බවත් තමන් කලවාන ප්‍රදේශයේ සපත්තු වෙළෙඳ සලක සේවය කරන බවත් පසුගිය මාර්තු 22 වැනිදා බදුරලිය පොලිසියට පැමිණි මවක් පැමිණිලි කර තිබෙනවා.
මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් සැකකාර
වෙළෙඳ ව්‍යාපාරිකයාගේ දුරකථන අංකය පරීක්‌ෂා කිරීමට දුරකථන සමාගම්වලට නියෝගයක් ලබාගත් පොලිසිය පසුව එම වාර්තා අනුව සැකකරු ගෙන් ප්‍රකාශ ලබාගත බව සඳහන්.
අනතුරුව ඔහු දැරිය සඟවා ගෙන සිටි නිවස පරීක්‌ෂා කර දැරිය පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර සැකකාර ව්‍යාපාරිකයා කලවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැහැරගැනීමට ලක්‌වූ දැරිය වෛද්‍ය පරික්‌ෂණයක් සඳහා රෝහල්ගත කෙරුනා. මව්පිය භාරකාරත්වය දැරියක් අපහරණය කිරීමේ චෝදනාව සැකකරු ඊයේ (10) මතුගම අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.
කෙසේවෙතත් දැරිය පැහැරගත් නිශ්චිත හේතුව අනාවරණය වී නැහැ.

Share this
|
|
0 Comment to "14 හැවිරිදි දැරිය දින 19 ක් බලෙන් නිවසක තියාගත් ව්‍යාපාරිකයා පොලිසියට කොටුවෙයි"
Post a Comment