පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමට පිළියන්දල - මොරටුව පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි 11 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ සමාධි නමැති දැරියක් බවත් ඇය බොරැල්ල රත්නාවලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි බවත් වාර්තාවනවා.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දැරිය අද (19) අලුයම 3.45 ට පමණ මියගිය බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
පසුගිය 9 වනදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එක් පොලිස් නිලධාරියෙකු මියගිය අතර, පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් නිලධාරියෙකු තුවාල ලැබුවා.
එමෙන්ම වෙඩි තැබීමෙන් මියගිය දැරියගේ සහෝදරයන් දෙදෙනාද තුවාල ලබා රෝහල් ගතකර
තිබුණා.
කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දැරිය ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවේ පසුගිය 17 වනදායි.
මාකඳුරේ මධූෂ් නමැති පාතාල නායකයා මෙහෙයවනු ලැබූ මත්ද්‍රව්‍ය කල්ලියක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටත් පසුව තොරතුරු වාර්තාවුණා.

Share this
|
|
0 Comment to "සාහසිකයින්ගේ වෙඩි උණ්ඩයට මැදිවී දින 10ක් සටන් කළ සමාධි සදහටම නිහඬවෙයි"
Post a Comment