22 May, 2017

දෙරණ නිවේදිකාවක් පැහැරගෙන – නිරුවත් කර ජායාරූප ගෙන – මහමඟ දමායයි!

presenter kidnapped

පසුගිය සිකුරාදා 19 දිනයේදී දෙරණ රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් පැහැරගෙන ගොස් නිරුවත් කර ඡයාරූප ගෙන පසුව මහමග අතහැර දමා ගොස් ඇති බවට අදාල නිවේදිකාවක විසින්ම පොලීසිය පැමිණිලි කර තිබේ.

‘දෙරණ ස්ටාර් සිටි’ තරගයේ පෙරහුරු වැඩසටහනට සහභාගී වී සිටි ඇය අදාල වැඩසටහනේ වැඩසටහන් නිෂ්පාදකයෙකු සමග ඔහුගේ මෝටර් රියෙන් නිවස බලා යද්දී මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ මහරගම රත්මල්දෙනිය ප‍්‍රදේශයේදීය.

සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් ගිනි අවි පෙන්වා මෝටර් රියෙන් නිෂ්පාදකයා හා නිවේදකාව බස්සවා වෑන් රියේ නංවාගෙන පැහැරගෙන ගොස් නිරුවත් පින්තූර ගෙන ඇය සතුව තිබූ රන් ආබරණද කොල්ල කා කොට්ටාව දුම්රියපල අසලට ආපසු ගෙන ගොස් දමා තිබේ.

නිවේදිකාව නිරුවත් කර පින්තූර ගෙන ඇත්තේ වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම වන අතර ඔහුගේ මෝටර් රථය මේ වන තෙක් සොයාගෙන නැත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දෙරණ නිවේදිකාවක් පැහැරගෙන – නිරුවත් කර ජායාරූප ගෙන – මහමඟ දමායයි!"

    Post a Comment