22 May, 2017

ගීතා අක්කේ ඔබ නවතින්න දේශපාලනය ඔබේ නගරය නොවේ - රන්ජන් ඔබට දිනන්නත් පුලුවන් - මදු මාදව අරවින්ද

Madumadawa Aravinda - geetha

දෙරණ ස්ටාර් සිටි අවසන් තරඟයෙන් ජයග්‍රහණය කළේ ප්‍රවීණ රංගන ශිල්පිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මියගේ පිළයි.

ඇය සමඟ අවසන් මහා තරඟයට තරඟ වැදුනේ සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පියා ලෙස සම්මානයට පාත්‍රවුනු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනයායක මහතාගේ පිළයි.

අවසන් මහා තරඟය නැරඹීමට පැමිණි ගායන ශිල්පී මදු මාදව අරවින්ද මහතා ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මහතා පැරදී ගීතා කුමාරසිංහ මහත්මිය දිනනවාට ඔහු කැමති බවයි.

කෙසේ වෙතත් තරඟයෙන් පසු ඔහු සිය ෆෙස්බුක් ගිණුමට සටහනක් එක්කොට තිබුණා. එම සටහන පහතින්.


ගීතා ඔබ නවතින්න,

රන්ජන්ව එවන්න.....

රන්ජන් රාමනායක

නම් වූ ඔබට

මා ලියන ප්‍රථම සහ,අවසන් ලියුම.....................

එදා අපි සහෝදරයෝ...

මිතුරෝ.... ඒ මොකක් වත් නැති උනත්.....

අපි හතුරෝ නෙවෙයි.....

මේ ලිපිය ලියන්නේ ඔබෙන් උත්තර බලා ගෙන නෙවෙයි.... නමුත් ඔබ මෙය කියවාවි....

අපි එකට මිතුරන් සේ තියෙන විදිහට සීමිත සහ අසීමිතව සිනා සෙමින් ජීවිතය හොයපු යුගයක.... මා දුටු සුන්දරම මිනිසෙක් ඔබ.

ඒ ගැන විවාදයක් නෑ....ඒත් මෙය කියන්නම වෙනවා.....

ඔබ පැරදුනේ නෑ... ඊයේ ඔබම ඔබව පැරැද්දුවා. දෙරන එය කල විදිහ.... කෙටි පනිවිඩ එන තැනට ගිය බැවින් මම දුටුවා..

ඔවුන් එය ඉතාම විනිවිදව සාදාරනව එය කලා.

ඇතුල් වෙද්දි රතු පලසෙදි මාදව මල්ලී ඇහුවා...මදු අයියේ, මොකක්ද ඔබේ අදහස කියලා.....

මම කිව්වා මාගේ සුන්දර සහෝදරිය ගීතා ජයගත යුතුයි... මගේ සුන්දර සහෝදරයා රන්ජන් පරාජය විය යුතුයි කියලා...

මම කිව්ව නිසා නෙවෙයි...ඔබ පැරදුනේ....

ගීතාගේ පිල දක්ශ නිසා පමනක් නෙවෙයි ඔබ පැරදුනේ.... ඔබ සහ ඔබේ දක්ශ පිලත් ඔබත් නෙවෙයි ඔබව පැරද්දුවෙ....

ඔබව පැරද්දුවෙ ඔබෙ කට.....

ඇත්ත කතා කරන්න ආස මට පාඩු උනත් මන් ඇත්ත කියනවා....

ගීතා කුමාරසිංහ යනු ආදරනීය සහෝදරියක්, රන්ගන ශිල්පීනියක් ...රට බේරාගත් නායකයා වෙනුවෙන් පෙනී සිටිය මවක්...

හැබැයි... හැමෝම ඇගේ මූනට නොකියන කතාව මට පාඩු උනත් මම කියනවා...

පබා වගේම...

අනර්කලී වගේම...

මාලනී අක්කා වගේම.....

ගීතා කුමාරසිංහ අක්කා මට දේශපාලන චරිතයක් නෙවෙයි... මම කැමති නෑ ඇය දේශපාලනය කරනවට.මහින්ද මහත්තයට කැමති හැමෝම මට දෙශපාලකයන් නෙවේ.

ඇයට ඊයේ ...ඇගේ නගරයේ තෑගි ලැබුනා.

ඔබෙත් නගරය...තම කලාව...

ඔබ පමා උනා වැඩියි... මහින්ද මහත්තයාව දේශපාලනිකව විවේචනය කරන්න ඔබට අයිතියි... ඒත් මදක් හිතන්න.....

ඔබ කියපු සමහර කතා.... හරි මදි...

ඔබ රන් සමනලයෙක් ....ඔබ පට්ට පිරිමියෙක්.

ඔබ බාග පිරිමියෙක් නෙවෙයි මම දන්න තරමින්.

දේශපාලුව න් කල නොයුතු ...තක්කඩි කතා ඔබෙන් මිනිසුන් බලා පොරොත්තු උනේ නෑ....

ඔබ එහෙම නොකලත් ඔබට මිනිස්සු ආදරේ කලා.....

ප්‍රියමනාප රන්සමනලයෝ,

ඔබ මහින්ද මහත්තයගේ....ගම්මන් පිල මහත්තයාගේ ශරීර කොටස් ගැන කියපු කතා ඔබට ගැලපෙන් නෑ... ඔබ එහෙම ප්‍රබාකරන් කියන සක්කිලියට, සිවාජිලින්ගම් කියන නපුන්සක බල්ලට කීවනම්.... ඔබ එක්ක පක්ශ විපක්ශ හැමෝම ඉදියි...

මදක් නවතින්න....

කවුරු හරි අහයි ඇයි මේක බුකියේ ලියන්නේ කියල..අපි දෙන්න ආයේ කතා කරන එකක් නෑ.

එක උත්සවයකදි අපි ඒක ගිවිස ගත්තා...

මම ගිවිසුම් කඩන් නෑ...ඔබට කඩන්න දෙන්නෙත් නෑ.

ඒත් ඔබ කරන සමහර සටන් වලට මම ප්‍රියයි.

මම ඇත්තක් කියන්නේ....

මහින්ද මහත්තයගෙනුයි,ගම්මන් පිල මහත්තය ගෙනුයි මම ඇහුවා ඔබ එක්ක තරහද කියලා..ඔවුන් දෙදෙනාම හිනා උනා...

"රන්ජන් ඔය එක එක දේ කිව්වට හිතේ නෑ කිව්වා... "ඔවුන් පියවරු.... ඔබ පිරිමියෙක්...

ඒ නිසායි මෙය කියන්නේ...

ගීතා ට කලාවෙ නගරය බාර දීලා.... එන්න රන් සමනලයෝ....

කතා කරමු ලෝකේ ගැන...

මාර්ටින්ග් ලූතර් ගැන..ඕශෝගැන...

මවොසේතුන් ගැන... චේ ගැන....

ඔවුන්ගේ වෘශන කෝශ ගැන කතා කරන්න

නපුන්සකයන් ට දෙමු... දරුවො ඉන්න ඕනේ නෑ පිරිමියෙක් වෙන්න... දරුවො ඉන්න ඕනේ නෑ තාත්තෙක් ගේ ආඩම්බරය රකින්න...

ඔබ පිරිමියෙක් නිසයි මේ කියන්නේ.

ඔබට හෙට අනතුරක් කලොත්...මම එනවා ලෝකේ කොහේ හිටියත් මට පුලුවන් වේගෙන්...ඔබ දන්නව මහින්ද මහත්තයත් කඩා ගෙන එයි ..

ඒ නිසා ඉතිහාසයේදී මිතුරන් ලෙස...අයියෙක් ලෙස ,මිනිස්සුන්ට ආදරේ කරන්න...ගෑනුන්ට ගරුකරන්න කියා දුන් ඔබ....

ඔය යන පාර වෙනස් කරන්න...

නැත්තම් ඔබට ගැලරියේ විසිල් පාර ඇසෙයි...

ඔබ දියවෙනන පටන් ගත් බව ඔබට ඇසෙන එකක් නෑ..තවමත් පමා නෑ....

පාලම යටදී පැරදුනේ one short නෙවෙයි...

ඔබේ වචනයෙන්ම කියනවා නම්.

ඔබේ තිරින්ග නැති කට..ඔබ වටේ ඉදන් ඔබ හරි කියනකොට හරි කියන පිරිස...

ඔබට වරදිනදා.... sorry කියා ඔබ හැර යයි..

මහින්ද මහත්තයටත් එහෙම උනා...

සිරිසේන මහතාටත් හෙට එහෙම වෙනවා...

ඊයේ ඔබ පරදින්න පැතූ මම...

හෙට ඔබ දිනනවා දකින්න ආසයි..

විජය කුමාරතුන්ගයන් මෙන්...තාර්කිකව කතා කරන්න... දෙශපාලන විවේචන ඔබේ තුවක්කුවෙ උන්ඩ කර ගන්න.....

නැත්තම් පාලම උඩදී ත් ඔබ පරදියි.

සුන්දර ගීතා අක්කේ... ඔබ නවතින්න කලාවේ... දේශපාලනය ඔබේ නගරය නොවේ..

තරහ වෙන්න එපා මහින්ද පිලේ නම් මෙය කියවන ඔබ... ඒ මට දැනෙන ඇත්ත. සමහර විට මම වැරදි ඇති...එත් මට මම හරි.

ඔබට මින් පසු මම ජීවිතේට ලිපියක් ලියන් නෑ.

ඔබ පරදින්න ඕනේ කිව්ව නිසා...

ඔබට දිනන්නත් පුලුවන් මිනිස්සුන්ගේ පපු කියලා කියන්න මට අයිතියක් තියෙනවා.

පිලිතුරු බලාපොරොත්තු නොවෙමි.

රන්ජන් ඔබ හැරෙන්න...

ඔබේ පක්ශයේ ඉන්න....

යකඩ පිහාටු වලින් පියාබන්න රන්සමනලයෝ..

නැත්තම් දන්නෙම නැතිව ඔබ

සමනලයෙක් නෙවෙයි...

දලබුවෙක් වෙයි....

-මදු මාදව අරවින්ද-

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගීතා අක්කේ ඔබ නවතින්න දේශපාලනය ඔබේ නගරය නොවේ - රන්ජන් ඔබට දිනන්නත් පුලුවන් - මදු මාදව අරවින්ද"

    Post a Comment