11 April, 2017

අඩ නිරුවත ඕනමනං අවුලක් නෑ – නයනා කුමාරි

Nayana Kumari-02

නයනා කුමාරි ගැන අමුතුවෙන් හදුන්වා දෙන්න දෙයක් නෑ. ඒ තරමටම ඇය මේ රටේ ජනප‍්‍රීයයි. රටේ මිනිසුන්ගේ ආදරය දිනා ගත්තු මේ සුන්දර හිතවතිය එක්ක අපි මේ කල පුංචි කතාබහක්.

අවුරුද්දට රටින් පිට යනව කියන්නෙ ඇත්තද?

ඒක වැරදි ආරංචියක්. රටින් පිට නං යන්නෙ නෑ. ආරාධනා ලැබුණත් යන්න විදිහක් නෑ. මොකද මට
අවුරුදු කාලය පුරාම විවිධ උත්සව වලට ආරාධනා ලැබිල තියෙන නිසා.

අවුරුදු දවසට ගෙදර ඉන්න බැරි වුනාම දුක නැද්ද?

දුකයි. ඒත් මම කලාකාරිණියක්. මට සමාජයේ විවිධ උත්සව අවස්ථාවන් පැහැර හරින්න බෑ. මගේ ගෙදර අයත් ඒක තේරුම් අරගෙනයි ඉන්නෙ. ගොඩාක් වෙලාවට සැමියයි පුතයි එක්කයි මම යන්නෙ ඒ උත්සව වලට.

කොහොමද දියකිදුරි චිත‍්‍රපටයේ වැඩ?

හොදයි. ඒක ටිකක් වෙනස් විදිහෙ නිර්මාණයක්. ධිවර කතන්දරයක්. මම ඒකට ගොඩාක් කැමතියි. ඉදිරියේ මගෙ තව නිර්මාණ කීපයක් දකින්නත් පුලුවන්

නයනා අඩ නිරුවත් චරිත ගැන මොකද හිතන්නෙ. ඔයා එහෙම ඒවයේ රගපාන්නෙ නැද්ද?

අද සමාජෙ මහ ඉහලින් ඉන්න සමහර නිලියොත් චරිතයට අවශ්‍ය විදිහට අඩ නිරුවතින් ඒ කාලෙ රගපෑවා. මම උනත් චරිතයට අදාල නම් ඒ වගේ දර්ශණයක් එතනට අවශය නම් ඒ චරිතයට එකග වෙනවා. හැබැයි යම් තරමකට.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අඩ නිරුවත ඕනමනං අවුලක් නෑ – නයනා කුමාරි"

    Post a Comment