සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන්ගේ D Pavillion හෝටලය පසුගියදා අලුත් මුහුණුවරකින් විවෘත කෙරුණා. ඒ ඊට අලුතින්ම එකතු කෙරුණු Skipper's Lounge සමඟින්. Boutique පන්නයේ හෝටලයක් වන D Pavillion ඉදිකරලා තියෙන්නේ විසිවෙනි සියවසේ මුල් භාගයේ වාස්තු විද්‍යා පසුබිමක් සමඟයි. කොළඹ ස්ට්‍රැට්ෆෝඩ් මාවතේ පිහිටා තිබෙන හෝටලය අවිවේකී කොළඹ පරිසරය තුළ අතිශය නිස්කලංක පරිසරයක් නිර්මාණය කරලා තිබෙනවා.
මේ පිහිටීම නිසාම විවේකය වගේම ව්‍යාපාරික කටයුතු සඳහා කොළඹට පැමිණෙන අයට වුණත් හොඳ සුඛෝපභෝගී අත්දැකීමක් මෙතැනින් හිමිවෙනවා. D Pavillion හෝටලයේ සුන්දරත්වය තවත් වැඩිකරන අංගයක් තමයි කළු ගල් බැම්මෙන් වටවුණු අපූරු පිහිනුම් තටාකය.
මුහුදු වතුර යොදලා නිර්මාණය කරලා තියෙන මේ පිහිනුම් තටාකය රාත්‍රී කාලයේදී බොහොම සුන්දර චිත්‍රයක් බවට මේ හෝටලය පත්කරනවා කිව්වොත් නිවැරදියි.
නවාතැන් වෙනුවෙන් Suit පන්නයේ කාමර වගේම Duluxe කාමරත් පවතිනවා. ඊට අමතරව පුස්තකාලයක්, බාර් එකක් ඇතුළු නාගරික බුටික් හෝටලයක් සතුවිය යුතු හැම අංගයක්ම පාහේ එය සතුයි.
ක්‍රිකට් තරු විතරක් නාෙව් ඩිල්ෂාන්ෙග්ත් - මංජුලාගෙත් යාළු මිත්‍රයන් ගොඩාක් එදා මේ දෙන්නත් එක්ක සතුට බෙදාගන්න අැවිත් හිටියා.හදසර කැමරාව ඒ රසමුසු තැන් ෙහායාගෙන ගියේ මෙහෙමයි.

Text – Rajitha Jagodaarachchi / Pic — Channa kassapa Koralearachchi

Share this
|
|
0 Comment to "ක්‍රිකට් තරු එක්ක ඩිල්ෂාන්ගෙන් අලුත් ඉනිමක්"
Post a Comment