06 May, 2017

උපන් ඇඳුමෙන් ශිල්ප දක්වන අමුතු Class

Naked yoga

යෝග ඉතිහාසය වූ කලී අදින් වසර දහස් ගණනක් දුරාතීතයට දිව යන්නකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ඇරඹි මෙම යෝග දර්ශනයට අතීතයේ සිටම ඉතා වැදගත් තැනක් හිමිව තිබී ඇති බව පුරාණ පත පොත සාක්ෂි දරයි. ඉන්දියාවේ පහළ වූ ෂඩ් දර්ශන අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගන්නේද යෝගයි. ප්‍රාග් ඓයිතිහාසික යුගයේ සිට රැකගෙන ආ යෝග දර්ශනය ක්‍රි.පූ. දෙවන සියවසේදී පතංජලී ඍෂිවරයා විසින් ග්‍රන්ථාරූඪ කරන ලදී. යෝග දර්ශනයේ පියා ලෙස සැළකෙනුයේ ද පතංජලී සෘෂිවරයායි.

යෝග පිළිබඳ මෙසේ එළඹුමකට පැමිණියේ පසුගියදා කරළියට ආ අරුම පුදුම යෝග පංතියක් නිසාවෙනි. නිව්යෝක්හි පැවැත්වෙන මෙම යෝග පංතිය විශේෂිත වන්නේ මෙහි යෝග ඉගැන්වීම් හා යෝග ව්‍යායාම් සියල්ල කෙරෙනුයේ නිරුවතින් වීමයි. මෙය එක්තරා අන්දමකට අපිව විමතියට ලක් කළද නග්නභාවයෙන් යුතුව යෝග ව්‍යායාම් සිදුකිරීම ආරම්භ වී ඇත්තේ වසර ගණනාවකට පෙරය.

ඉන්දියාවේ වාසය කළ එක්තරා පුද්ගලයෙක් (මොවුන් බොහෝ විට සන්‍යාසියන් විය හැකිය) වස්ත්‍ර ඇඳීම දැඩි සේ ප්‍රතික්ෂේප කර ඇත. ඔහු බොහෝවිට ඇඳ ඇත්තේ ඉණකඩක් පමණකි. මොහු අනුව ගිය අනිකුත් තපස් රකින පුද්ගලයන් ද නග්න යෝගා පුහුණුව ලබා ආධ්‍යාත්මික තත්වයකට පත්වීම අරමුණු කරගෙන මෙකී යෝග සිදු කර ඇත. 

නග්න භාවය ඔවුන්ගේ අධ්‍යාත්මික දර්ශනයේ කොටසක් ලෙසට ඔවුන් හඳුන්වා දී ඇත. නිරුවතින් සිටීම ඔවුන්ගේ අරමුණ කරා පහසුවෙන් ළඟාවීමට හැකි බව ඔවුන් විශ්වාස කරයි. ඔවුන් නිරුවත් යෝගා පුහුණු වී ඇත්තේත් පුහුණු වන්නේත් ජීවිතයේ යම් අරමුණක් අපේක්ෂාවක් ඇත්නම් එයට පහසුවෙන් ළඟා වීමටය. හතරවන සියවසේදී සිය හමුදාව සමඟ ඉන්දියාවට පැමිණි ඇලෙක්සැන්ඩර් ගෙනා ශිල්ප ශාස්ත්‍ර අතර මේ යෝග ශාස්ත්‍රයද තිබී ඇත. ඔවුන් විසින් විවිධ අංග වින්‍යාස හා ඉරියව් මගින් යෝග ව්‍යායාම්හි නිරත වූ පුද්ගලයන් පිළිබඳ ලියවිලි සටහන් කර ඇත.

වර්තමානය වනවිට ජර්මනිය ස්විට්සර්ලන්තය වැනි රටවල මෙම නිරුවත් යෝගා පුහුණුව දකින්නට ලැබෙයි. 19 වැනි සියවස අගභාගයේදී නිරුවත් යෝග සඳහා විවිධාකාර චලන එකතු කරගෙන ඇත. 20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ කණ්ඩායම් කිහිපයක්ම මෙම යෝග පුහුණුව සඳහා පැමිණ තිබේ. 1960 වර්ෂයේ බටහිර ප්‍රදේශයේ යෝග පුහුණුවීම් සිදුකරද්දී හිපි යන චලනය භාවිත කර මෙම යෝග පුහුණුව වැඩිදියුණු කර ඇත. 1968 කැලිෆෝනියාවේ දී නිර්මාණය කළ බොබ් කැරොල් ඇන්ඩ් ටෙඩ් ඇලිස් නමින් හාස්‍යජනක චිත්‍රපටය තුළත් මෙම නිරුවත් යෝගා අන්තර්ගත කර ඇත.

1974 වසරේදී naked yogaa නමින් වාර්තාවක් ලියා මෙම යෝග ක්‍රම ජනතාව අතරට හඳුන්වා දී තිබේ. Lina nymen නමැති නිළිය විසින්ද 1967 වසරේ නිරුවත් යෝගා අන්තර්ගත කළ චිත්‍රපටයක රඟපා ඇති බවට තොරතුරු පවතී. එතැනින් මධ්‍යම යුරෝපය තෙක් පැතිර ගිය නිරුවත් යෝගා සංකල්පය 1998 වසර වනවිට නිව්ෙයා්ක්වලට පැමිණ ඇත්තේ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ කණ්ඩායමක් වශයෙනි. එනම් මොවුන් Mid night yoga from men නමින් කණ්ඩායමක් සාදාගෙන මෙම යෝගා ක්‍රම පුහුණු වී ඇත. බටහිර නග්න යෝග ප්‍රවර්ධනය සඳහා ආරොන්ස්ටාර් නමැත්තෙකුගෙන්ද විශාල මෙහෙවරක් සිදුව ඇත. බටහිර සමාජවල මෙම නිරුවත් යෝගා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. යුරෝපයේ අමෙරිකා එක්සත් ජනපදයේත් ලන්ඩන් මොස්කව් සිඩ්නිවලද මෙම යෝගා ක්‍රමය ප්‍රචලිතව ඇත.

කෙසේ වෙතත් යෝගවලින් සිදුවන්නේ සංයමයකින් යුක්ත පුද්ගලයෙක් බිහි කිරීමයි. යෝග ව්‍යායාම් කරන්නට මූලිකවම බලපානුයේද මනසේ ඇති සංයමයයි. නග්නභාවයෙන් යුතුව පිරිසක් යෝග ව්‍යායාම්හි යෙදීමේදී එය කෙතරම් දුරකට මිනිසාගේ ස්වයං සංයමය ඔහුට ලබාදෙන්නේදැයි යන්නනම් අපි නොදනිමු.

Text - Thanuja (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උපන් ඇඳුමෙන් ශිල්ප දක්වන අමුතු Class"

    Post a Comment