11 April, 2017

ඒඩ්ස් හැදුනයි කී පුංචි එකී සමාජෙට දුන්නු කනේ පාර

Gir Study Stone Throw

කුඩා බොල්ලත ශ‍්‍රී සුමංගල පාසල අනුබද්ද වෙන්නෙ ගණේමුල්ල හේමමාලි පාසලට. මේ කුඩා බොල්ලත පාසලේ ඉගෙන ගත්තු අවුරුදු නවයක පුංචි අහිංසක කෙලි පැටියෙක් හිටියා. හේතුව මොකක්ද කියල දන්නෙ නෑ. එක පාරම ගමේ අමිමන්ඩිල කියන්න ගත්තෙ මේ අහිංසකීට ඒඩිස් හැදිල කියල. මේ ගොඩෙි වෙද්දුන්ගෙ කතාවෙන් අසරණ වුනේ අපි මේ කියන පුංචි එකී විතරක් නෙවෙයි.

අමාරුවෙන් දරුවව හදා වඩා ගත්තු පුංචි එකීගෙ අම්මා, තාත්තටත් මේ විකාර කතාව ඉහිලුම් නොදෙන්නක් වුණා. ඒත් මේ අම්මා තාත්තා ඉවසුවා.

ඉවසාගෙන දරුවව හැමදාම උදේට ඉස්කොලෙටත් එක්ක ගියා. ඒත් සැනසිල්ල එතන තිබුනෙත් නෑ. අසල්වාසින් වගේම මේ පාසලේ සමහර දෙමව්පියන්ද පාසල අසලට ඇවිල්ල දරුවට චෝදනා කලා. දරුව පාසලෙන් එලවන්න කිව්වා. වෛදවරුන්ට පවා දරුවට මෙහෙම රෝගයක් තියෙනව කියල ඔප්පු කර ගන්න බැරි වුණාට මොකද ගමෙි ගොඩෙි වෙද අමිමන්ඩිල නං කිවිවෙම දරුවට රෝගයක් තියෙනව කියල.

එහෙම කියපු අමිමලයි සමහර තාත්තලයි ඉස්කෝලෙ ලගට ඇවිල්ල කෑමොර ගහමින් දරුවට අපහාස කරද්දි මෙි දරුවට මොන දුකක් මොන වෙිදනාවක් ඇති වෙන්න ඇද්ද කියල අපිට හිතා ගන්න පුලුවන්. ඒත් මේ ගල් මුල් ප‍්‍රහාර වලින් ඉස්සරහට ගත්තු අඩිය පස්සට තියන්න මෙි පුංචි කෙල්ල කැමති වුනේ නෑ. මම හොදට ඉගෙන ගන්නවා. එහෙම හිතුව කෙල්ල හැම කෙනෙහෙලිකමක් දරාගෙන පොත පතේම ඇලිල හිටියා. හැබැයි මේ අවමන් ගැරහුමි නිසා කෙල්ල ඉස්කෝලෙ ගියාට වඩා හිටියෙ ගෙදර. ඒත් පොත පත අත ඇරියෙම නෑ. මෙහෙම දුක් වින්ද පුංචි එකී මේ සැරේ පාසලේ වාර විභාගෙටත් ලිවිවා.

ප‍්‍රතිපල ඇවිල්ල තිබුනෙ අවමන් වල වේදනාවට කදුලු පිරිලා තිබුණු කෙල්ලගේ ඇස් වලට සතුටු කදුලු එකතු කරමින්. තමන් පන්තියෙ පලවෙනිය වෙලා කියල දැන ගත්තු පුංචි එකී ගෙදර ගිහින් අමිම තාත්ත බදා ගත්තේ සතුට දරා ගන්න බැරුව. අමිමයි තාත්තයි කෙල්ල වැලදගෙන කෑ ගහල ඇඩුවෙ පහුගිය දවස්වල වින්ද අවමන් අපහාස වල වෙිදනාව හදවතින්ම අමතක කරලා.

සමාජය මොන චෙිතනාවෙන් මේ මලක් වගේ කෙල්ලගෙ අනාගතය අදුරු කරන්න හැදුවත් ඒකට නිසි පිලිතුර අහිංසක අසරණ කෙල්ල තමන්ගේ උත්සාහයෙන් රටටම පෙන්නුවා. මෙතනින් පස්සෙවත් මේ දරුවගෙ හීන වලට ගල්මුල් නොගහ ඒ කෙල්ලට ඒ කෙල්ලගෙ පාඩුවෙ ඉගෙන ගන්න දුන්නොත් හොදයි කියල තමයි මොලේ ඇති උගත් වැදගත් බුද්ධිමතුන් කීපදෙනෙක්ම අපිට කිවිවෙ. 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඒඩ්ස් හැදුනයි කී පුංචි එකී සමාජෙට දුන්නු කනේ පාර"

    Post a Comment