25 October, 2016

දුව කෙළෙසූ පියාට ආත්ම ගාණකින් වත් ගෙවන්න බැරි දඬුවමක් ලැබිලා

සිය දියණියට ලිංගික අතවර කළ පියෙකුට, ආත්ම ගණනාවකින්වත් ගෙවිය නොහැකි දඬුවමක් නියමකොට තිබෙනවා. 

41වැනි විහෙහි පසුවන අදාල පුද්ගලයාට වසර 1,503ක සිර දඬුවමක් ලබාදී ඇත්තේ කැලිෆෝනියාවේ ෆ්‍රෙස්නෝහි අධිකරණයක් මගින්.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ මෙම තැනැත්තා සමාජයට අති භයානක පුද්ගලයකු බවයි. 

එවකට 16වැනි වියෙහි පසුවූ සිය දියණිය, 2009 සිට 2013 දක්වා කාලයේ සතියකට දෙතුන්වරක් අදාළ පුද්ගලයා විසින් කෙළෙසා ඇති බවයි අධිකරණයේදී ඔප්පු වී තිබෙන්නේ. 

මේ වන විට 23වැනි වියෙහි පසුවන දියණිය අධිකරණය හමුවේ පවසා ඇත්තේ සිය පියා කිසි දිනක තමන්ගේ දුක සහ වේදනාව ගැන කනස්සලලට පත් නොවුණු බවයි.

මෙය කැලිෆෝනියා අධිකරණ ඉතිහාසයේ වැඩිම කාලයකට ලබාදුන් දඬුවම ලෙස ඉතිහාස ගතවනබවයි වාර්තා වන්නේ.

මේ යුගයෙහි උපරිම ආයු කාලය ලෙස සැලකෙන්නේ වසර 120ක් වුවද, එතරම් වයසක් ජීවත්වන්නකු හෝ සොයා ගැනීමට හැකියාවක් නැහැ. 

දැනට ලොව සිටින වයස්ගතම පුද්ගලයින්ගේ ලයිස්තුවේ සිටිනා වයසින් වැඩිම ඉතාලි ජාතික කාන්තාවගේ වයස අවුරුදු 116ක්. 

එලෙස ගත්කල මොහු උපදින හැම ආත්මයකම පරමායුෂ වින්දද ඔහුට ආත්ම 13ක කාලයක් සිරදඬුවම් විඳිය යුතුයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දුව කෙළෙසූ පියාට ආත්ම ගාණකින් වත් ගෙවන්න බැරි දඬුවමක් ලැබිලා"

    Post a Comment