25 October, 2016

16යේ දැරිය 04ක් පාළු පාසලක රෑ එළිවෙනකං දූෂණය කරලා

- අම්මා නිවසින් ගිය පසු සිව්දෙනකු නිවසට ඇවිත්
- 16 හැවිරිදි දියණිය පැහැරගෙන ගොස්‌ අතවර කරලා 
- එක්‌ අයෙක්‌ අත්අඩංගුවට

පුද්ගලයන් හතරදෙනෙක්‌ 16 හැවිරිදි තම බාල වයස්‌කාර දියණිය පැහැරගෙන ගොස්‌ දූෂණය කර ඇතැයි හිනිදුම ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ මව්පියන් විසින් හිනිදුම පොලිසියට පැමිණිලි කොට ඇත. 

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ හිනිදුම පොලිසිය ලැබුණු තොරතුරුවලට අනුව වැටලීමක්‌ කොට සැකපිට එක්‌ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට සම්බන්ධ තිදෙනකු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇතැයි පොලිසිය පවසයි.

දූෂණයට ලක්‌වී ඇත්තේ හිනිදුම ප්‍රදේශයේ පදිංචි බාලවයස්‌කාර පාසල් දැරියකි. 

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මව නිවසින් බැහැර ගිය අවස්‌ථාවක්‌ බලා පැහැර ගෙන ගිය මෙම දැරිය ප්‍රදේශයේ එතරම් ජනාකීර්ණ නැති ස්‌ථානයක ඇති පාසල් ගොඩනැඟිල්ලක්‌ තුළ රැයක්‌ තිස්‌සේ මෙම සිව්දෙනා විසින්ම දූෂණය කොට ඇති බවය. 

දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකොට ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය පවසයි.

හිනිදුම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. ප්‍රියංක කුමාර අත්තනායක මහතා විසින් මෙහෙයවන පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

rape-harresments

තවලම - ආරියසෝම නාගොඩවිතාන

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "16යේ දැරිය 04ක් පාළු පාසලක රෑ එළිවෙනකං දූෂණය කරලා"

    Post a Comment