12 April, 2017

ස්ත්‍රී පියයුරු වල ප්‍රමුඛ කාර්යය කිරි දීම නොව ලිංගික සංඥා නිකුත් කිරීමයි

Sexy Girl

ලොව පුරාම ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ “The naked ape” සහ ”The human zoo” යන ග්‍රන්ථ දෙක තුලින් ලෝක ප්‍රසිද්ධ මහාචාර්ය ඩෙස්මන්ඩ් මොරිස් විප්ලවීය අදහස් රැසක් එලිදක්වූයේය.

ඔහු පවසන්නේ, ස්ත්‍රී පියයුරු වල ප්‍රමුඛ කාර්යය කිරි දීම නොව, ලිංගික සංඥා නිකුත් කිරීම බවයි. 

අනෙකුත් ක්ෂීරපායි සතුන්ගේ පියයුරු හා සංසන්දනය කරමින් ඔහු පවසන්නේ, කිරිදීම පියයුරු වල ප්‍රධාන කාර්යය නම්, ඒ සඳහා වඩාත්ම උචිත හා ප්‍රශස්ථ හැඩය, සතුන්ගේ මෙන් දිගැටි හා සිහින් හැඩය බවය.


පියයුරු රවුම් ගෝලාකාර ආකර්ශනීය පෙනුමක් ගෙන ඇත්තේ ලිංගික සංඥා දැක්වීම සඳහා බව මොරිස් පවසයි. කාන්තාවන් තම පියයුරු සුන්දරව තබාගැනීමට වෙහෙසීමත්, ලිංගික උත්තේජන කලාප පිහිටීමත් නිසා ඔහුගේ මතය වඩා තර්කානුකූල සේ පෙනීයයි .

මිනිස් පරිණාමයේ මුලාරම්භයේ සිට ,ස්ත්‍රියට දරුවකු බිහිකර හදාවඩා ගැනීම තනිවම කල නොහැකි ඉතා දුෂ්කර කාර්යයක් විය.

මෙම වගකීම බෙදා ගනීමට ඇයට පිරිමියාගේ සහය නිතර අවශ්‍ය විය. දෙදෙනා එක්ව කටයුතු කිරීම මත පවුල නමැති ඒකකය බිහිවිය. මෙම ඒකකය නොබිඳී පවත්වා ගනීමට අවශ්‍ය ප්‍රධාන සාධකය, පිරිමියා ස්ත්‍රිය වෙත නිරන්තරයෙන් බැඳ තබන රැහැනක් අවශ්‍යවීමයි. 

සත්ත්ව ලෝකයේ අනෙකුත් සියලුම සතුන්ගේ ලිංගික හැසිරීම් වසරේ කිසියම් කාලයකට සීමාවී ඇතිමුත්, මිනිස් ස්ත්‍රි සිරුර ඕනෑම මොහොතක මේ සඳහා ක්‍රියාකාරී දායකත්වය පෙන්වන අතර ස්ත්‍රී සිරුර ලිංගික ආකර්ෂණය ඇතිකරවන ලෙස ස්වභාවය විසින් හැඩගස්වා අතර, පියයුරු එහිලා ප්‍රධාන කාර්යයක් ඉටුකරන බව ඩෙස්මන්ඩ් මොරිස් සඳහන් කරයි.

මේ නිසා මිනිස් යුවලක් නිතර ලිංගිකව එක්වීම අවලම් සිරිතක් නොවන බවත් එයින් ඔවුන් ලබන සතුට හා සහනය තුලින් එකිනෙකා කෙරෙහි බන්ධනය කර තැබීම සඳහා අවශ්‍ය වන ඉතා නිවැරැදි වුත් ජෛවවිද්‍යාත්මක හා පරිනාමීය වශයෙන් වඩා වැදගත් වූ ක්‍රියාවලියක් බවත් ඔහු අවධාරණය කරයි.

පවුල නම් ඒකකය රැක ගැනීමටට ආගමික වශයෙන්ද සමාජීය වශයෙන්ද පසුකාලීනව නීතිමය රාමුවකින්ද සීමා පනවා එහි වැදගත්කමට ප්‍රමුකත්වය දී ඇත.

මෙනිසා පිරිමියකු, ගැහැණියකගේ .පියයුරු දෙස විමසිල්ලෙන් බැලීම ජීව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක අවිඥ්ඥානික ක්‍රියාවකි. (උපුටාගැනීමකි)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ස්ත්‍රී පියයුරු වල ප්‍රමුඛ කාර්යය කිරි දීම නොව ලිංගික සංඥා නිකුත් කිරීමයි"

    Post a Comment