වසර මිලියන 540 කට හා 580 කට පෙර සිටි Ediacarans සමහර විට මීටර 2ක් දක්වා උස් වූ අතර රැලි වැටුණු මෘදු ශරීරයක ජීව රූපයක් සහිත විය. සැබෑ සතුන් පරිණාමණය වීමේදී බොහෝ විට කා දැමීම (ගොදුරක්වීම) නිසා Ediacarans සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබේ. මෘදු ශරීරයක් නිසා ඒවා පාෂාණභූත වීමට නැඹුරු නොවීමෙන් මෙම ජීවියා පිළිබඳ අධ්‍යනය අපහසු විය. බොහෝ Ediacarans පොසිලවලින් ආවරණය කර ගත හැකිවූයේ එහි අභ්‍යන්තර ක්‍රියාවලිය නොව බාහිර මුහුණතෙහි විශේෂාංග පමණි.
මෑතකදී Namibia (නැමීබියා) වෙන් හමු වූ අසාමාන්‍ය ත්‍රිමාන පොසිල යුගලයක CT සුපරීක්ෂණයෙන් මෙම අභිරහස් ජීවියාගේ බොහෝ තොරතුරු නිරාවරණය විය. පොසිල යුගලයම සෙමි.10 ක් උස Ediacarans විශේෂයක් වූ Rangea ලෙස හැදින්වේ. ඒවා විශාල ශේඛෝපත්‍ර සේ දිස්වන rangeomorphs වර්ගයේ Ediacarans සාමාජිකයන් වේ.
width="400">මෑතකදී නැමීබියාවෙන් හමු වූ එඩියකාරන්ස් අසාමාන්‍ය ත්‍රිමාන පොසිල යුගලය

මෑතකදී නැමීබියාවෙන් හමු වූ එඩියකාරන්ස් අසාමාන්‍ය ත්‍රිමාන පොසිල යුගලය පළමුවරට නිරීක්ෂණය කළ මෙම අනන්‍ය ආදර්ශයේ අන්තර් ව්‍යුහය central core (මධ්‍යගත ගර්භය) ක් ලෙස පෙණුන බව මෙම පරීක්ෂණය මෙහෙය වූ University College of London හි Alan Sharp පවසයි. එම පොසිලයම 2013 වර්ෂයේදී Sharp ගේ සහකරුවන් කළ අධ්‍යයනයේදී fern-like (පර්ණාංග වැනි) එහි පත්‍ර 6 මධ්‍යම අක්ෂයේ සිට සමාන පරතරවලින් ඉපිලෙන පැතලි වරල් ලෙස සලකන ලදි. මෙම පත්‍ර දිග බැලුම් මෙන් පිම්බී තිබූ බව Sharp ඇතුළු කණ්ඩායම අනුමාන කරයි. ජීවියා පෝෂණය වීමට අවශ්‍ය පෝෂක උරාගැනීම සඳහා මුහුණත් ප්‍රදේශය විශාල කර ගැනීමට තම තුනී පටල උපරිම ලෙස පිම්බීම ජීවියාගේ චර්යාව බව ඔවුන්ගේ අදහසයි.
මධ්‍ය කඳේ සිට දිවෙන කේතු ආකාර නාලිකා Rangea ට ඇති බව CT සුපරීක්ෂණ තහවුරු කර තිබේ. පාෂාණයේ අනෙක් කොටස්වල අවසාදිත වල විවිධ සංයුතිවලින් නාලිකාවේ පහල කොටස පිරී ඇත. Rangea ප්‍රාණය සහිතව ජිවත්වූ අවස්ථාවේදී ද මෙම ස්වරූපය ප්‍රාථමික සැකිල්ලක් ලෙස Rangea ජීවියාට උපකාරී වී ඇති බව Sharp පවසයි.
ජීවියා කෙසේ ජීවත් වුවාද? ඌගේ ව්‍යුහ විද්‍යාත්මක තොරතුරු කවරේද? යනාදිය තවදුරටත් සවිස්තරාත්මකව සොයා බැලීම වැදගත් වන බවත් මෙම ත්‍රිමාණ ලක්ෂණ ඇති Ediacaran පොෂිල සාපේක්ෂව ඉතා දුර්ලභ බවත් කේම්බිජ් විශ්ව විද්‍යාලයේ Jennifer Hoyal Cuthill පවසන්නීය.
කෙසේ වෙතත් නව නිරීක්ෂණ තුලින් වුවද Ediacarans ශාකයක්ද? සත්වයෙක්ද?හෝ එම දෙවර්ගයේම නොවේද? තවමත් ප්‍රකාශ කළ නොහැකි නමුත් උන් සැබෑ සත්වයන් පරිණාමය වීමට පෙර හොඳින් ව්‍යාප්ත වූ සත්‍ය ලෙසම ජීවත්වූ පළමු විශාල බහු සෛලීය ජීවීන් වේ යයි Sharp තවදුරටත් පවසයි.
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

Share this
|
|
0 Comment to "හඳුනාගැනීමට අපහසු වසර මිලියන 580 ක් පැරණි ජීවියා"
Post a Comment