16 June, 2017

විරාත් කෝලි තවත් ලෝක වාර්තාවක් පිහිටුවයි

virat kohli new record react

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රිකට් පිටියේ සැබෑම දක්ෂයකි.ඔහු මෙතෙක් ක්‍රීඩා කල කාලය තුල අත් කරගත් ප්‍රගතියත් සමඟ මේ ගතවන්නේ කෝලිගේ ක්‍රිකට් ජීවිතයේ ස්වර්ණමය සමය බවට අපට හදුන්වා දිය හැක.

කෝලි බංගලාදේශ කණ්ඩායම සමඟින් චැම්පියන්ස් කුසලානය යටතේ ඊයේ පැවති තරඟයේදී නොදැවී ලකුණු 96 ක් රැස් කර ගැනීමට සමත් විය.එම ඉනිමේදී මෙම සුපිරි ක්‍රීඩකයා විසින් තම ජාත්‍යන්තර එක්දින ලකුණු 8000 සීමාව පසු කිරීමට සමත් විය.

කොලිගේ ලකුණු 8000 ලබාගැනීම සඳහා ඔහුට වැය වුයේ ඉනිම 175 ක් පමණක් වන අතර එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ක්‍රීඩකයෙකු ලකුණු 8000 සම්පුර්ණ කිරීමට වැය කල අඩුම ඉනිම ගණන ලෙස වාර්තා පොතට එකතු විය.

මීට පෙර අඩුම ඉනිම ප්‍රමාණයකින් ලකුණු 8000 සම්පුර්ණ කර තිබුනේ දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක AB ඩිවිලියස් වන අතර ඔහුට තම ලකුණු 8000 ලබාගැනීමට ඉනිම 182 ක් වැයවී තිබිණි.

මෙම වාර්තාවේ පළමු 10 දෙනා අතර කිසිම ශ්‍රී ලංකා පිතිකරුවකු ඇතුලත් නොවන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම ගණනකදී ලකුණු 8000 සම්පුර්ණ කර ඇත්තේ මාවන් අතපත්තු වන අතර ඔහු සමස්ත වාර්තාවේ 20 වන තැනට ශ්‍රේණිගත වී ඇති අතර මාවන්ට තම ලකුණු 8000 ලබා ගැනීමට ඉනිම 239ක් වැයවී ඇත.

අඩුම ඉනිම ගණනකින් ලකුණු 8000 වාර්තා කල ක්‍රීඩකයෝ..

virat kohli new record

(cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විරාත් කෝලි තවත් ලෝක වාර්තාවක් පිහිටුවයි"

    Post a Comment