16 June, 2017

ලේලිගේ කේලම් අහලා පුතා බීලා ඇවිත් අපිට ගහනවා - ආරක්ෂක අංශයේ පුතකුට පොලිසියෙන් මවට පියාට වඳින ගාථාව කියා දීලා

beaten-man-women

මත්පැන් බී ගෙන ඇවිත් මවට පියාට පහර දෙන 35 හැවිරිදි ආරක්ෂක අංශයේ පුතකුට මවුකිරිවල අගය හා පිය සෙනෙහසේ වටිනාකම පිළිබඳව හා මවට පියාට වඳින ගාථාව කියා දීමට දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති වික්‍රමසිංහ මහතාට සිදුවිය. 

මවට පියාට පහර දුන් බේබදු පුතාගේ පැමිණිල්ල දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් අලගියවන්න මහතාගේ උපදෙස් මත විභාග කෙරිණි.

දෙහිඅත්තකණ්ඩිය රිදීඇළ පදිංචි වයස 60 හා 62 මව, පියා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට පැමිණ, ලේලිගේ කේලම් අසාගෙන මටයි සැමියාටයි පුතා පහර දෙනවා. මේක කොහොම හරි නතර කරලා අපි දෙන්නට නිදහසේ ජීවත් වෙන්න මොකක් හරි කරලා දෙන ලෙස බැගෑපත්ව දෑත් එකතු කරමින් වඳිමින් ඉල්ලා සිටියහ. 

අම්මා මට වඳින්න ඕන නෑ. මම අම්මට වඳින්න ඕනේ. තමන්ගේ බිරියගේ කීමට කේලම් අහලා අම්මට තාත්තට ගහලා බීපු කිරිවල හා උස් මහත් කරලා කන්න බොන්න දුන්න ණය ගෙවන්නෙ කොහොමද? 

තමා ආරක්ෂක අංශයේ සේවය කළා කියන එකට අපිත් ලැජ්ජා වෙනවා. තමා වයසට ගිය දවසට තමුන්ගේ ළමයිනුත් ගහලා ගෙදරින් එළවලා දැම්මොත් මොකද කරන්නේ. 

සමාජය අපවිත්‍ර කරන්නේ නැතිව කණමදයා වගේ බීලා එන තමාට අම්මාගේ හා තාත්තාගේ අගය, වටිනාකම කියලා දෙන්න මට බැහැ. කරපු වරදට අම්මටයි තාත්තටයි වැඳලා සමාව ගත්තේ නැතිනම් අධිකරණයට යන්න වෙනවා. 

ආජසත්ත කෙනෙක් වෙන්නෙ නැතිව සුජාත දරුවෙක් වෙන්න බලනවා. අරක්කු බීලා කාලකණ්ණියෙක් වෙන්න හදන්න එපා යැයි අවවාද කිරීමෙන් පසු මට සමාවෙන්න සර්, මම ආයෙත් කවදාවත් අම්මට තාත්තට ගහන්නේ නෑ යැයි පවසා අම්මට තාත්තට වැඳලා සමාව ගෙන පොලිසියෙන් පිටව ගියේය.

නවමැදගම - ශාන්ත වෙලගෙදර, සිරිපුර - වාසනා ගලප්පත්ති (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලේලිගේ කේලම් අහලා පුතා බීලා ඇවිත් අපිට ගහනවා - ආරක්ෂක අංශයේ පුතකුට පොලිසියෙන් මවට පියාට වඳින ගාථාව කියා දීලා"

    Post a Comment