සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඩිපෝව පාර, දළදාගම ලිපිනයේ පදිංචිව සිටි රාහිමා උම්මා නමැති 45 හැවිරිදි කාන්තාවකි.
සිය සැමියා සමඟ තිබූ ප්‍රශ්නයක් විසඳීමට ඉකුත් 14 වැනිදා කතාබස් කරමින් සිටියදී ප්‍රශ්නය දුර දිග ගොස් සැමියා විසින් මේ කාන්තාවට දැඩි ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් නොනැවතුණ ඔහු ඇගේ ශරීරයට භූමිතෙල් වත්කර ගිනි අවුළුවා තිබේ.
දැඩි ලෙස පිලිස්සුම් තුවාල ලැබූ කාන්තාව මහව රෝහලට ඒ අවස්ථාවේදීම ඇතුළත් කර ඇති අතර තත්ත්වය බරපතළ වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා
දැඩි ලෙස පිලිස්සුම් තුවාල ලැබූ කාන්තාව මහව රෝහලට ඒ අවස්ථාවේදීම ඇතුළත් කර ඇති අතර තත්ත්වය බරපතළ වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා
තිබේ.
මහව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා 17දා එම කාන්තාව මරණයට පත්ව ඇතැයි මහව පොලිස් ස්ථානයේ නිලධාරිවරයෙක් පැවැසීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා වන මොහොමදු ෆලීඩ් (45) නමැත්තා මහව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (18දා) මහව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා වන මොහොමදු ෆලීඩ් (45) නමැත්තා මහව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (18දා) මහව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.
මහව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම_මව්බිම
Share this
|
|
0 Comment to "මිනීමරු සැමියා බිරියට පහරදී ගිනිතබා මරා දමලා"
Post a Comment