වැලිපැන්න පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයකු පැමිණිල්ලක් විභාග කිරීමට රු.5,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (18දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
බල්ලකු පිළිබඳ ආරවුලක් හා මුදල් පොලියට දීම පිළිබඳ ආරවුලක් විසඳීමේදී පැමිණිලි පාර්ශ්වයට වාසි සහගත ලෙස විසඳා ගැනීමට මේ අල්ලස් මුදල ලබාගෙන ඇත.
අල්ලස් දෙපාර්තමේන්තුවේ කාන්තා නිලධාරිනියක් මුස්ලිම් ජාතික කාන්තාවක් ලෙස වෙස් ගැන්වී වැලිපැන්න පොලිසියට පැමිණ පැමිණිලි
පාර්ශ්වය ලෙස රු. 5,000ක මුදල උප පොලිස් පරීක්ෂකවරයාට ලබාදී ඇත.
අත්අඩංගුවට පත් උප පොලිස් පරීක්ෂකවරයා තවත් මාසයකුත් දවස් කීපයකින් විශ්‍රාම ගැනීමට සිටි නිලධාරියකු බවද මේ නිලධාරියාගේ විසමාචාර කටයුතු සම්බන්ධව මීට ඉහතදී අවවාද කර ඇති බවද කළුතර ජේයෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙක් කීවේය.

මතුගම - වසන්ත කුමාර_මව්බිම
Share this
|
|
0 Comment to "බලු ආරවුලක් විසඳන්න වැලිපැන්න SI බලු වැඩක් කරලා "
Post a Comment