තමන්ට එම ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබුණු බවත් එම පිටුව නිර්මාණය කළ අය නරඹන්නන් ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා ලිංගික ආකර්ශනය ඇතිවන ආකාරයට කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප යොදා ඇති බවට තොරතුරු ලැබුණු බවත් එම ආයතනයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළා.
ෆේස්බුක් සාමාජිකයන්ට කැමැති පරිදි ඡායාරූප ඇතුළු කිරීමට හැකිවීම හා එවැනි පිටු සකස්කර පවත්වාගෙන යාමට ලබාදී
ඇති නිදහස හේතුවෙන් මෙවන් ගැටළු ඇතිවන බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
තම ඡායාරූප තමාගේ මිතුරන්ට පමණක් නැරඹීමට හැකිවන පරිදි ෆේස්බුක් හි තිබෙන ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් මෙවැනි ආකාරයේ ඡායාරූප සොරා ගැනීම් වළක්වාගත හැකි බවද එම ඡායාරූප වෙනත් ක්‍රියා සඳහා භාවිතා කිරීම වලක්වා ගත හැකි බවද එම ආයතනය මතක් කර සිටිනවා.

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "කුඩා ගැහැණු ළමයින්ගේ ෆොටෝ දාපු ෆේස්බුක් පිටුවට වැඩ වරදියි"
Post a Comment