19 August, 2017

ස්විට්සර්ලන්තයෙන් රත්තරං පරිගණකයක්

switzerland-golden-computer
ස්විට්සර්ලන්තයෙන් රත්තරං පරිගණකයක්
ස්විට්සර්ලන්තයේ ප්‍රයිම් කොම්පියුටර් සමාගම ඉන්කෝපරේෂන් සමාගම විසින් රත්තරනින් නිර්මාණය කරන ලද පරිගණකයක් ඩුබායි වෙළෙඳපොළට නිකුත් කර ඇති බව වාර්තා පෙන්වා දෙයි.

සමාගම නිපදවා ඇති පරිගණකය කැරට් දහඅටේ රත්රන්වලින් නිමවා ඇති බව ඩුබායි වෙළෙඳපොළ අරංචි මාර්ග වලින් හෙළි වේ.

සමාගම විසින් එම වර්ගයේ පරිගණක සීමිත ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලැබ ඇති අතර එක් පරිගණකයක් ඩොලර් මිලියන හතරකට මිල කර ඇත.

පරිගණකය සඳහා වින්ඩෝස් -10 සහ ලිනක්ස් වර්ගයේ මෙහෙයුම් පද්ධති ස්ථාපිත කර ඇති බව වාර්තා පෙන්වා දෙයි.

කැරට් දහඅටේ රත්රන් කිලෝ හතක් යොදා ගනිමින් පරිගණකයේ පිටත කවරය නිර්මාණය කර තිබේ.

පරිගණකයක් මිලදී ගන්නකුට ඒ සඳහා වසර පහක වගකීම් කාලයක් ලබා දීමට පියවර ගෙන ඇති බව පරිගණකය නිපදවූ සමාගම ප්‍රකාශ කරයි.

තම සමාගමේ ගනුදෙනු සිදුකරන පාරිභෝගිකයන්ගේ ඉල්ලීම සහ දිරිමත් කිරීම හේතුවෙන් මෙම පරිගණකය නිපදවීම ඉක්මන් කළ බව ප්‍රයිම් කොම්පියුටර් ඉන්කෝපරේෂන් සමාගම පවසයි. (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ස්විට්සර්ලන්තයෙන් රත්තරං පරිගණකයක්"

    Post a Comment