19 August, 2017

ෆින්ලන්තයේත් පිහි ප්‍රහාරයක්

finland
ෆින්ලන්තය
නිරිත දිග ෆින්ලන්තයේ ටර්කු (Turku) නගරයේදී කිහිප දෙනෙකුට පිහි පහර එල්ල කළ පුද්ගලයෙකුට වෙඩි තැබූ බව පොලිසිය පවසයි.

ප්‍රහාරකයාගේ පාදයට වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසිය නිවේදනය කළේය.

නිරිත දිග ෆින්ලන්තයේ Puutori-Market Square ප්‍රදේශයේදී හටගත් බව විශ්වාස කෙරෙන සිදුවීමෙන් අනතුරුව නගර මාධ්‍යයෙන් ඉවත්ව සිටින මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

වසා දමන ලද මළ සිරුරක් මහ මග වැටී තිබෙන ආකාරය ඇතැම් ඡායාරූපවල දක්නට
ලැබුන නමුත් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් හෝ මියගිය පුද්ගලයන් පිළිබඳව කිසිවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නැත.

"මධ්‍යම ටර්කු ප්‍රදේශයේදී කිරා දෙනෙකුට පිහියෙන් ඇන තිබේ. නගර මාධ්‍යයෙන් ඉවත්ව සිටින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු," යනුවෙන් සඳහන් ට්විටර් පණිවුඩයක් පොලිසිය විසින් නිකුත් කරනු ලැබ තිබිණ.

ෆින්ලන්තයේ එම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ ස්පාඤ්ඤයේ බාසිලෝනා අගනුවර ජනාකීර්ණ වීදියක ගමන් කරමින් සිටි ජනතාව වෙතට පුද්ගලයෙකු වෑන් රථයක් පදවාගෙන විත් එල්ල කළ ප්‍රහාරයෙන් 13 දෙනෙකුවත් මියයාමෙන් දිනකට පසුවය.

ඉන් පැය කිහිපයකට පාඩුව ස්පාඤ්ඤයේ කම්බ්‍රිල්ස් (Cambrils) ප්‍රදේශයේ එවැනිම තවත් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ ත්‍රස්තවාදීන් යයි සැක කෙරෙන පස් දෙනෙකු මරා දැමූ බවත් ස්පාඤ්ඤ පොලිසිය පවසයි. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ෆින්ලන්තයේත් පිහි ප්‍රහාරයක්"

    Post a Comment