19 August, 2017

සිංහල පොත්-පත් ඉතිහාසයේ මී මුත්තා යාච්ඤා හෑල්ල

TITLE
යාච්ඤා හෑල්ල
මේ පොතට සිංහල අකුරු සැදුවේ තුවක්කු ගබඩාවේ බාස්වූ ගේබ්‍රියල් සේඩ්ය. සිංහල මුද්‍රිත අකුරු ඉතිහාසයේ ආරම්භකයා ලන්දේසි ගේබ්‍රියෙල් සෙඩ්බාස් ලෙස ගෞරවය හිමි වේ. ඔහු සිංහල අකුරු පිත්තල තහඩුවේ කපා ගත්තේය. එම අකුරු එකල පුස්කොළපොත්වල තිබූ පන්සල් අකුරු ය.

ලෝකයේ පැරණිම මුද්‍රිත ලේඛනය ලෙස දැනට පවතිනුයේ ජපානයේ ෂොතොකු අධිරාජිනිය විසින් ක්‍රිස්තු වර්ෂ 770 දී මුද්‍රණය කළ මහායාන ධර්ම ග්‍රන්ථයකින් උපුටාගත් 'ධරනී' පාඨයි. ඉන් පිටපත් දසලක්ෂයක් මුද්‍රණය කර බෙදාහැරි බව කියැවේ.

චීන ජාතිකයන් විසින් දෙවන ශත වර්ෂයේදී කඩදාසි සොයා ගැනීමෙන් පසු ලිපි ද්‍රව්‍යක් ලෙස කඩදාසි භාවිතය ප්‍රචලිතව තිබුණි. මුලින්ම ඔවුන් මුද්‍රණය කළ 'ඵලක මුද්‍රණය' බ්ලොක් පින්ටින් වශයෙනි. ලී පුවරුවක අකුරු සමඟින් ලිපියේ බ්ලොක් එක කපා ඒ මත තීන්ත තවරා කඩදාසි එලා මුද්‍රණ කටයුතු කරතිබේ.

මේ ක්‍රමයට එක් පිටුවකට එක් පුවරුව බැගින් කපන්න සිදු විය. ඔවුන් 1050 වන විට අමුණන අකුරු සොයා ගැනීමත් සමඟ මහා නිර්මාණවලට දායක වීමට හැකි විය.

ශ්‍රී ලංකාවට කඩදාසි පුරුදු වූයේ යුරෝපා ජාතිකයන්ගෙනි. චීනයේ ආරම්භ වූ කඩදාසි මත ලිවීම 1505දී පෘතුගීසින් ලංකාවට පැමිණීමත් සමඟ ප්‍රචලිත විය. ශ්‍රී ලංකාවේ පැරණි ලිපිද්‍රව්‍ය වූයේ ගල්පුවරු, තඹපත්, රිදීපත්, රන්පත් හා පුස්කොළපොත්ය.

1450 දී ජර්මනියේ ජෙප්හැන්නස් ගුටෙන්බර්ග් ජෙලි 42 බයිබලයක් මුද්‍රණය කළේය. මුද්‍රණ ශිල්පය 1556 වන විට ඉන්දියාව පුරා පැතිර ගියද ලංකාවට මුද්‍රණ ශිල්පය පැමිණෙන්නේ කි.ව1658 දී ලන්දේසින් පැමිණීමෙන් පසුවයි.

ලන්දේසින් ලංකාවේ තම පාලනය පවතින ප්‍රදේශවල බදු අය කර ගැනීම් ආදියට ආඥා හා නියෝග පත්‍ර පිටපත් විශාල සංඛ්‍යාවක් මහජනයාට දැන ගැනීමට විසුරුවා හැරීමට උවමනා විය. සිංහලයන්ට සිංහල බසිනුත් දෙමළ වැසියන්ට දෙමළ බසිනුත් පිටපත් විශාල ප්‍රමාණයක් අතින් ලිවීම ම හත් වෙහෙසකර කටයුත්තක් වූ නිසා මුද්‍රණ ශිල්පයේ පිහිට පැතීමට ලන්දේසීන්ට සිදු විය. 1707දී ලීයෙන් කපන ලද බ්ලොක්වලින් සිංහල බසින් නියෝග හා ආඥා මුද්‍රණය කිරීම පටන් ගත් ඔවුන් වෙන් වෙන් වශයෙන් ඇමැනිය හැකි සිංහල අකුරු නැතිනම් කර්ය ලන්දේසි ආයුධ ගබඩාවේ ප්‍රධාන කාර්මික ශිල්පියා වූ ගෙබ්‍රියෙල් ස්කාද් වෙත පැවරූහ. ආණ්ඩුකාරවරු වෙනස්වීමත් සමඟ අකුරු සෑදී‍මේ කාර්ය පමා වූ අතර 1737 වන විට එම අකුරු සෑදීමේ කාර්ය නිම කිරීමට හැකි විය.

1737දී ප්‍රථම සිංහල මුද්‍රිත පොත බිහි විය. නමුත් එහි ප්‍රිතිය භුක්ති විඳීමට එහි නිර්මාතෘවරයාට නොහැකි විය. ඔහු ඊට මාස කිහිපයකට පෙර මිය ගියේය.

එහි ඇතුළු පිටුවල හැඳින්වීමේ සඳහන් වන්නේ 'ප්‍රදාන වූ යාඥාවල් පහද අපේ ක්‍රිස්තියානි ඇදහිල්ලේ පංගු දොළහ සහ දෙවි ස්වාමින් දරුවන් වහන්සේට අහස් තුළින් දෙවා වදාළ ආඥාවල් දහසයද මෙහි ඇත.' ඊට යටින් දීප්තිමත් වු කොම්පඤ්ඤ‍ය වෙනුවෙන් අච්චි ගැසුවේ වර්ෂ 1737 යනුවෙන් සඳහන් වුහ.

මෙම 1737 දී මුද්‍රණය කළ ලංකාවේ ප්‍රථම සිංහල පොතේ පිටපතක් දැනට කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකා‍ලයේද කොළඹ ජාතික පුස්තකාලයේද කොළඹ ජාතික ලේඛනාගාරයේ ද තිබේ.

සිංහල ලේඛන කලාවේ
මී මුත්තා චුල්ලවග්ග පාලිය
සිංහල පොත්-පත්
ඉතිහාසයේ මී මුත්තා යාඥා හෑල්ල

සිංහල අකුරින් ලියන ලද දැනට ශ්‍රී ලංකාව සතුව ඇති පැරැණිතම පුස්කොළ පොත ලෙස සැලකෙන්නේ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇති 'චුල්ලවග්ග පාලිය' යි. මේ පොත ලියා ඇත්තේ 1236-1271 වසරවල ශ්‍රී ලංකාවේ රාජ්‍යය කළ දෙවැනි පැරකුම්බා රජතුමාගේ කාලයේ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරයි. ඒ මහතාගේ පරීක්ෂණ අනුව මේ පුස්කොළ පොතට දැනට වසර 800ක් පමණ වෙයි.

මෙහි පරණකම මැන බැලිය හැක්කේ එහි ඇති අකුරුවල තත්ත්වය හා අවසන් පත් ඉරුවේ සඳහන් බෙලිගල සුමේධ හිමි හා මේධංකර මාහිමියන් ගැන සඳහන් නම් ගම් අනුව බව පරණවිතාන මහතා සඳහන් කරයි.

චුල්ලවග්ග පුස‍්කොළ පොතේ කොළ ගණන 163කි. පුස්කොළ දෙකතුනක් පලුදු වී ඇති නමුත් අවුරුදු 800ක් පමණ වුවත් පුස්කොළ වල ශක්තියේ හැටියට මේ පොත ආරක්ෂා වී ඇත.

දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ මෙහි (මයිකෝ ෆිල්ම්ස්) ගත කර ඇති ඡායාරූප පට මඟින් සමීප දර්ශන සහ පිටුවෙන් පිටුව ලියා ඇති දේවල් බලාගත හැක. චුල්ලවග්ග පාලිය පුස්කොළ පොත විශේෂ විදුරු ප්‍රදර්ශන කුටියක අධි ආරක්ෂිතව තබා ඇත.

සිංහල පොත් පත් ඉතිහාසයේ මී මුත්තා ලෙස සැලකෙන්නේ මෙයට වසර 277කට පෙර මුද්‍රණය කර ඇති 'යාඥා' පොතෙනි. එහි නම කුමක්ද යන්න පොතේ විශේෂයෙන් දක්වා නැත. මෙය ක්‍රිස්තියානි යාඥා පොතක් බව එහි මුල් පිටුවේ සඳහන් සිංහල සංඥාපනයේ සඳහන් වේ. '

මේ පොත ගැන ලිපියක් ලියා ඇති ඇල්.ටී.පී. මංජු ශ්‍රීයන් සඳහන් කර ඇත්තේ මෙහි සඳහන් ප්‍රධාන යාච්ඥා පහනම් උදේ හවසත් කෑමට පෙර පසුත් නින්දට පෙරත් කරන යාච්ඥා පහය.

මේ පොත මුද්‍රණය කර ඇත්තේ ක්‍රි.ව. 1737දීය. මේ කාලයේ (ඕලන්ද) ඉන්දියානු සමාගම යටතේ ලංකාවේ ඕලන්දයන් සන්තක වූ මුහුදු බඩ තීරයේ ආණ්ඩුකාරයා වී සිටියේ (1736 - 1739) ගුස්තාව් විල්ලම් වැරන් වන් ඉම්පෝච් නැමති පුද්ගලයෙකි.

පළමුවන සිංහල පොත මුද්‍රණය ‍කරවීමේ ගෞරවය ඔහුට ලැබුණද 1732 - 1734 සිටි ආණ්ඩුකාරවරයා වූ රේ‍කොබ් කිස්තියන් පිලාත් නැමැති ආණ්ඩුකාරවරයා මුද්‍රණ අච්චු කන්තෝරුවක් ඇති කොට ක්‍රිස්තියානි පොත් සිංහලයෙන් මුද්‍රණය කරවා තම පළාත්වල යටත්වැසියන් අතට පත් කිරීමෙන් ඔවුන් පාලනය කිරීමේ පහසුව ගැන තමාට පසුව එන ආණ්ඩුකාර ඉව් නොව්ට දන්වන ලදී. මේ ක්‍රියාව ක්‍රියාත්මක කර ඇත්තේ පිලාත් ලංකාවෙන් ගොස් අවුරුදු තුනකට පසුවයි.

ඉම්පෝව් ආණ්ඩුකාරවරයා සාමකාමී පුද්ගලයෙකි. ඇල්.ටී.පී. මංජු ශ්‍රී සඳහන් කරන පරිදි එවකට උඩරට පාලනය කළ නරේන්ද්‍ර සිංහ රජතුමාද ඉම් හෝව්ගේ පාලනය ගැන සතුටු වී ඔහු සමඟ සමාදානයෙන් සිටියේය.

ඉව් නොව් මුහුදු බඩ වැසියන්ගෙන් අය බදු ගැනීම අතහැර දැමුවේය. මෙය මුහුදු බඩවැසියන්ගේ ප්‍රීතියට හේතු විය.

මේ පොතට සිංහල අකුරු සැදුවේ තුවක්කු ගබඩාවේ බාස්වූ ගේබ්‍රියල් සේඩ්ය. සිංහල මුද්‍රිත අකුරු ඉතිහාසයේ ආරම්භකයා ලන්දේසි ගේබ්‍රියෙල් සෙඩ්බාස් ලෙස ගෞරවය හිමි වේ. ඔහු සිංහල අකුරු පිත්තල තහඩුවේ කපා ගත්තේය. එම අකුරු එකල පුස්කොළපොත්වල තිබූ පන්සල් අකුරු ය.

පිටු 14 යුත් මේ පොතේ අකුරක් අඟල් තුන්කාලක් පමණ වේ. ඕලන්ද කොම්පඤ‍්ඤේ මුද්‍රාව පොතේ ඇත. රන් වැඩ කළ රතු හමින් බැඳි පිටකවරයකි.

අදට අවුරුදු 280ක් වුවත් පොත ඉතා හොඳ තත්ත්වයෙන් කොළඹ ජාතික කෞතුකාගාරයේ අධි ආරක්ෂිත කුටියක සුරක්ෂිතව තබා ඇත.

මෙය තිබෙන තැනින් එළියට ගෙන ඡායාරූපගත කිරීමට කෞතුකාගාර අධ්‍යක්ෂගෙන් විශේෂ අවසරයක් ගත යුතුය. එම අවස්ථාව මෙතෙක් ලැබී ඇත්තේ ඉතා සුළු පිරිසකට පමණි.

විශේෂ ස්තූතිය - ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ සනෝජා කස්තුරි ආරච්චි මහත්මිය හා පුස්තකාලාධිපතිනි පී. එස්. චූලනි, යන අයට.

නන්දික බැද්දේගම
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිංහල පොත්-පත් ඉතිහාසයේ මී මුත්තා යාච්ඤා හෑල්ල"

    Post a Comment