12 April, 2017

කරදර නැතිව ලංකාවේ ෆිල්ම් බලන්න දෙන Lankaflix (Video)

Lankaflix

උසස් තත්ත්වයෙන් යුත් ලාංකික චිත්‍රපට ඇතුළු විනෝදාත්මක වැඩසටහන් අන්තර්ජාලය පුරා සොයමින් ඔබටත් ඇති වෙලාද?

ලාංකික චිත්‍රපට, ටෙලිනාට්‍ය, වාර්තා චිත්‍රපට, සංගීත වැඩසටහන් ඇතුළු බොහෝ දේ ලොව කොතැන සිටියත් සිය තාක්ෂණික උපාංගය මගින් සිය නිවෙසටම ගෙන්වාගැනීමේ අනගි අවස්ථාව ‘ලන්කාෆ්ලික්ස්’ නම් සමාගමක් මේ වන විටත් උදාකර දී අවසන්.

ජංගම දුරකතන, ටැබ්, ලැප්ටොප් හා ස්මාර්ට් ටීවී ඔස්සේ රසවිඳිය හැකි මෙම සේවාව උපාංග 3කට මාසිකව ඩොලර් 4.99ක ගාස්තුවකට (subscription
fee) ලබාගත හැක. මෙම සේවාව වසරක කාලයකට එකවර ලබාගන්නේ නම් අයකරන ගාස්තුව ඩොලර් 50කි.

කෙසේවෙතත්, ගාස්තුවට යටත් වීමට පෙර දින හතක් මෙම සේවාව නොමිලේ ලබාදීමට ද ලන්කාෆ්ලික්ස් කටයුතු කරයි.

මෙම සේවාව ලබාගැනීමට www.lankaflix.com වෙත පිවිසෙන්න.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කරදර නැතිව ලංකාවේ ෆිල්ම් බලන්න දෙන Lankaflix (Video)"

    Post a Comment