11 May, 2017

අපි දෙන්නම එක කූඩුවක් හදනවා

Harshana Bethmage

හර්ෂණ බෙත්මගේ කියන්නේ පුංචි තිරයේ නිතර දකින්න ලැබෙන කෙනෙක්නෙ. ඉතිං ඔහු වෙසක් අසිරිය මේ විදිහට දකිනවා. ඒදේ සමරන විදිහ අපට මෙහෙම කිව්වා.

“අපි ගිය අවුරුද්දෙ වෙසක් සැමරුවෙ නුවර මගෙ යාළුවෙක්ගෙ ගෙදර. ඒ ගෙදර වෙසක් කූඩු එල්ලලා පන්සල් ගිහින් දන්සැල් වැඳලා එහෙම සැමරුවේ. දළඳා මාලිගාවෙත් ගිහින් දළදා වැඳලා ඒ අසිරියත් විඳගත්තා.

ඒත් මෙදා වෙසක් දවසට අපි ටිකක් වෙනස් දෙයක් කරන්න හිතාගෙන ඉන්නෙ. ඒ දුප්පත් පවුල් විසි පහකට මමත්, වොල්ගාත් අපේ යාළුවො තුන් දෙනෙකුත් එකතුවෙලා වියළි ආහාර මලූ ලබාදෙන්න. 

මේ දවස්වල මිනිසුන්ට ටිකක් අපහසුතාවයන් තියෙනවනෙ. මුලින්ම වොල්ගාගේ අදහසක් තිබුණ අයිස් ක‍්‍රීම් දන්සලක් දෙන්න. නමුත් අපි ඒක වෙනස් කළේ මේ දවස්වල මිනිසුන්ට ජීවත් වෙන්න ටිකක් අපහසු ආර්ථික ප‍්‍රශ්න තියෙන නිසා. 

මේ පාර කූඩු හදන්නනම් කාලයක් නෑ. අපි කූඩු කඩෙන් ගන්න ඉන්නෙ. හදන්න තිබුණනම් ඇත්තටම හරි ආසයි. මට ලස්සනට කූඩු හදන්නත් පුළුවන්. 

කොහොමත් ඉතින් අපි දෙන්නා එක කූඩුවක් කොහොමහරි හදන්න උත්සාහ කරනවා. එකක් හරි හැදුවෙ නැත්නම් හිතට සතුටක් නෑ කඩෙන් ගෙනාවට. පුංචි කාලෙත් අපි අනිවාර්යයෙන්ම ගෙදර කූඩු හැදුවා. 

ගේ වටේට බකට් එල්ලූවා වගේම අපේ යාළුවො සෙට් එකත් එක්ක වෙසක් බලන්න රට වටේම යනවා. ඇත්තටම ඒ දවස් හරි සුන්දරයි. වෙසක් අසිරිය හොඳින්ම අපි විඳගත්තා.” (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අපි දෙන්නම එක කූඩුවක් හදනවා"

    Post a Comment